Saturday, October 30, 2021



 ලෝකයේ වැඩි ආයුෂ හිමි සත්ත්වයින්.....

නිකමටවත් හිතුවද මේ ලෝකේ අපි ඇරුනහම අනික් ඉන්න ‍ජීවීන් ගැන. අපි දැකලා තියන දන්න සතුන් ඒ වගේම අහල තියෙන සතුන් වර්ග කෙතරම් කාලයක් ජිවත් වෙනවාද කියලා ඔබ දැනන් සිටියාද? ලෝකේ වැඩිම කාලයක් රජ කරන්නේ මිනිස්සු කියලා හිතන් හිටියට අපේ ජිවිත කාලේ ජිවත් වෙන්න තියෙන්නේ බොහොම පොඩි කාලයක් .

ලෝකයේ වැඩිම කාලයක් ජිවත් වන සතුන් හා ඔවුන්ගේ තොරතුරු කිහිපයක් මේ,

v අශ්වයින් - ( Horses)

වර්ගය, පරිසර පද්ධතිය හා කළණාකරණය යන කරුණු මත වර්ථමානයේ ගෘහාශ්‍රිතව ජිවත් වන අශ්වයින් අවුරුදු 25ත් 30ක් අතර කාලයක් ජිවත් වේ. ඒ වගේම කලාතුරකින් අවුරුදු 40 හෝ ඊට වැඩි කාලයක් ජිවත් වූ සිද්ධීන්ද වාර්ථා වේ. 19 වන සියවසේ දී ජිවත් වුනු OLD BILLY නම් අශ්වයා වසර 62ක් ජීවත් වූ  බව‍ට තොරතුරු වාර්ථා වේ.

v මැකෝව් - (macaws )

මැකෝ කිව්වහම අපිට මතක් වෙන්නේ පාට පාට ලස්සන ගිරව් විශේෂයක් ඒ වගේම පොඩිත්තන්ටනම් REIO කාටූන් එක නැත්තන් පොලී චිත්‍රපටය මතක් වනවා නිසැකයි .  දිග නැට්ටක් සහිත මෙම ගිරව් විශේෂය නිවෙස් වල සුරතලයටද ඇති කරයි.මොවුන් අවුරුදු 80ත් 100ක් අතර කාලයක් ජිවත් වන බවයි කියයි.

v ආදා - (Eels)

ආදා කියපු ගමන් අපිට මතක් වෙන්නේ ලිස්සලා යන ගතියයි. එක‍නේ කියන්‍නේ ආදා වගේ ලිස්සලා ගියා කියලා. කොහොම උනත් මේ ආදා කියන සතාට අවුරුදු 150ක් ජිවත් වෙන්න පුලුවන් කියලා තමයි වාර්ථාවන්නේ.

v මුහුදු බෙල්ලන් (Arctica Islandica /Ocean Quahog )

ඉහත සදහන් ‍වන්නේ අපි ආහාරයට ගන්නා බෙල්ලන් විශේෂයක්. මෙම සත්ව විශේෂයට වසර 405ක් 410ක් අතර කාලයක් ජිවත් වීමට වාසනාව ඇත.දැනට වාර්ථා වන වැඩිම ආයු කාලය වන්නේ අවුරුදු 507ක් . අවාසනාවකට අපි ඔවුන්වත් ආහාරයක් ලෙස ගනු ලබනවා. කෙසේ වූවත් ‍ඉතා විශාල කාලයක ආයු කාලයක් මොවුන් සතුයි.

v යෝධ ඉබ්බන් (Galapagos Giant Tortoise)

ගැලපගොස් හී යෝධ ඉබ්බන් ගැන අප අසා තිබේ . ගැලපගොස් දූපත් වල ජිවත් වන මෙම යෝධ ඉබ්බන් දැකබලා ගැනීමට නන්දෙසින් සංචාරකයින් පැමිණේ. ‍ඒ වගේම ‍මේ ඉබ්බන් වදවීයාමේ තරජනයටද මුහුණ පා සිටින බව කිය යුතුයි. අවුරුදු 190ක ආයු කාලයක් මොවුන් සතුයි .

v කටුස්සන් - ( Tuataras )

මෙම උරග විශේෂය නවසීලන්තයටම ආවේණික වි‍ශේෂයක්. ලොව ජිවත් වන බොහෝ කටුසු වර්ග වලට සමානකම් දක්වයි. මෙම විශ්මිත කටුසු විශේෂය වසර 100ත් 200ත් අතර කාලයක් ජිවත් වන බවට සැලකේ.

v තල්මසුන් - (Bowhead Whales )

මෙම තල්මසුන් විශේෂය වසර 200ක් පමණ ජිවත් වන බව පැවසෙන අතර මෑත කාලයකදී කල පර්යේෂණ වලට අනුව මෙම තල්මසුන්ගේ ශරීර තුල තිබී වර්ෂ 1890 කාලසීමාවට අයත් බිලි කොකු වල කැබලිත් හමු වෙලා ඇත. එමෙන්ම ඇම‍යිනෝ අම්ල පරික්ෂාවය ලක් කිරීමෙන්ද ඔවුන්ගේ ආයු කාලය වසර 177 සිට 245 ක් තරමි දිවෙන බව හගවයි.












Thursday, October 21, 2021

 

රස වෑහෙන කෝපි

                                      ඔබ දන්නවාද..?

ලෝකයේ ප්‍රථම කෝපි කෝප්පයෙ ඉතිහාසය ක්‍රි.ව 800 දක්වා ඈත අතීතයට දිව යන්නකි. ප්‍රබන්ධයන්ට අනුව එඩේරෙකු විසින් තම එලුවන් කෝපි ඇට ආහාරයට ගැනීමෙන් පසු ඉතාමත් උද්‍යෝගයෙන් ක්‍රියා කරන ආකාරය නිරීක්ශනය කලේය. පසුව, එහි වාසය කල පැවිද්දෙකු විසින් භාවනා කිරීම සඳහා රාත්‍රිය මුලුල්ලෙ අවදිව සිටීම සඳහා කෝපි ඇට යෝදා සකස් කරගත් පානය භාවිතා කල බව කියැවේ.කෝපි ඇට ධන්‍ය වර්ගයක් නොවේ. කෝපි ඇට ලෙස හැඳින්වුවුද, එය චෙරි වැනි මලින් පිරුනු ගොමුවක පලතුරකි. ලෝකයේ වැඩිම කෝපි වලට ආදරය කරන්නන්, අතරින් තුන්වෙනි ස්ථානයට කෝපි නිශ්පාදනය කරන්නෙ බ්‍රසීලයයි. වියට්නාමය දෙවෙනි වන්නෙ ෆින්ලන්තයටය. ෆින්ලන්තය ලෝකයෙ වැඩිම කෝපි වලට ආදරය කරන්නන් වාසය කරන රට ලෙස සැලකෙ.

ප්‍රධාන ලෙස කෝපි, වර්ග 2කි. ඇරැබිකා (Arabica) සහ රෝබස්ටා (Robusta) ඇරැබිකා එයිනුත් ප්‍රධාන වන අතර රෝබස්ටා එයට වඩා සාන්ද්‍ර කරන ලද හා මදක් වැඩි තිත්ත රසකින් යුක්තය.එක්ස්ප්‍රෙසෝ යනු සාන්ද්‍ර කෝපිය. එක්ස්ප්‍රසෝ යනු ඉතාලි බසින් ආ වචනයකි. කෝපි ඇට උතුරන වතුරත් සමඟ තෙරපමින් කෝපි පානය සාදා ගැනීම එක්ස්ප්‍රෙසෝ ලෙස හැඳින්වේ. බොහෝ දෙනා ගොඩක් වෙලාවට උදේ සාමාන්‍යෙන් ගන්න කිරි එක වෙනුවට කෝපි කෝප්පයක් බොන්න පුරුදු වෙලා තියෙනවා. මොකද කිවුවොත් කෝපි කෝප්පයක් බීලා පටන් ගන්න දවස හරිම ප්‍රබෝධමත්. ඒ විතරක් නෙමෙයි කෝපි වල ඔබ නොදත් සංඝටක රැසක් අඩංගු වෙලා තියෙන්වා.සෝඩියම්,පොටෑසියම්,විටමින් ඒ, විටමින් ඩී, විටමින් සී, විටමින් බී-6 ,අයන්, මැග්නීසීයම්, සහ තවත් බොහෝ සංඝටක අඩංගු බැවින් අපේ දවස කෝපි කෝප්පයකින් ආරම්භ කිරීම වඩාත් හොදයි. අඩුම තරමේ අපි දවසට එක කෝපි කෝප්පයක්වත් පානය කරනවා නම් අපට ප්‍රබෝධමත් මෙන්ම යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.කෝපි පානයේදී වඩාත්ම සුදුසු වන්නේ කෝපි පමණක් උණු වතුර සමග (black coffee) පානය කිරීමයි. කෝපි පානයට බොහෝ දෙනා සීනි, කිරි හා ක්‍රීම් වර්ග එකතු කර පානය කිරීමට පුරුදු වී සිටියත්, එමගින් කෝපි වල ඇති ගුණාත්මකභාවය අඩු වෙන්නට පුලුවන්.ඔබ කැලරි හා මේද කාබෝහයිඩ්‍රේට් අඩු පානයක් සොයන්නේ නම් ඔබට වඩාත් උචිතම පානයක් වන්නේ කෝපි.සරලවම කිවහොත් කෝපි කියන්නේ කැලරි ප්‍රමාණය ඉතා අඩු බැවින් එය ඔබේ සෞඛ්‍යයට හානියක් නොවෙන  කදිම පානයක් කිවුවොත් නිවැරදියි.කෝපි වල අඩංගු වන පෝෂ්‍ය පදාර්ථ,

o                                මේදය (Fat) : 0%

o                             කොලෙස්ටරෝල් ( Cholesterol) : 0 %

o                           සෝඩියම් ( sodium ): 0 %

o                           කාබෝහයිඩ්රේට් ( Carbohydrates): 0 %

o                          සීනී ( Sugar ) : 0 %

o                           පොටෑසියම් ( Potassium ) : 4 %

අපි දැන් කතා කරමු කෝපි බීම මගින් අපිට ඇති වාසී පිළිබදව

කෝපි වල ඇති ප්‍රති ඔක්සිකාරක (anti-oxidants) නිසා ශරීරයේ ලෙඩ රෝග වලින් ආරාක්ශා කරනවා. කෝපි යනු ප්‍රතිඔක්සිකාරක (anti-oxidants) බහුල පානයක්. එය ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කරනවා සමගම අපේ ශරීරය ප්‍රබෝධමත් කිරීමට ඉවහල් වෙනවා.කෝපි මගින් අපේ ශරීරයේ අධික බරද අඩු වෙනවා. බර අඩු කිරීමට උත්සහ කරන ඔබට කෝපි කියන්නේ ඉතාමත් යෝග්‍යවත් පානයක් වෙන්නට පුලුවන්.

Ø රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි

කෝපි වල අඩංගු ක්ලොරොජනික් (Chlorogenic) අම්ලය නිසා ඔබේ ශරීරයේ ග්ලූකෝස් නිශ්පාදනය මන්දගාමී කිරීමට උපකාරී වෙනවා. ඉතින් ඔබ ආහාර ගැනීමෙන් පසු කෝපි කෝප්පය්ක් පානය කිරීමෙන් අඩු ග්ලූකෝස් ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව කෝපි වලට තිබෙනවා.

Ø ව්යායාම් කිරීමේදී හිතකර උත්තේජකයක් ලෙස

ව්‍යායාම කිරීමට මිනිත්තු කිහිපයකට පෙර කෝපි කෝප්පයක් බොහෝ අය පානය කරනවා. මෙයට මූලික හේතුව වන්නේ කැෆේන් (caffeine) කියන සංගටකය මගින් ඔබගේ ක්‍රියාශීලීත්වය වැඩි කිරීමට ඉවහල් වන නිසා.

Ø පිළිකා සෑදීමට ඇති හැකියාව අඩු කරයි

දිනකට කිහිප වරක් කෝපි පානය කිරීම මගින් පිරිමි පුද්ගයින්ගේ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකා ඇති වීම 20%කින් පහළ දමන අතර කාන්තාවන්ගේ ගර්බාශයේ පිළිකා ඇති වීම.25 % කින් පහත දමනවා.කෝපි වල ඇති විශේෂ සංඝටක මගින් අක්මා පිළිකා , ගුද මාර්ග සහ පියයුරු පිළිකාද ඇති වීමේ ඉඩකඩ විශාල වශයෙන් පහත හෙලනවා. මේ නිසා නිතරම කෝපි බීම ඉතාමත් ගුණදායකයි.

Ø හෘද ආශ්රිත රෝග වලින් ඈත් කර තියයි

මෑත කලයේදී කරන ලද පර්යේෂණ වලින් හෙලි වී ඇත්තේ එදිනෙදා කෝපි පානය කිරීමෙන් හෘද රෝග ඇති වීමේ අවදානම අවම කර ගත හැකි බවයි. මෙයින් අදහස් කරන්නේ කාලයක් සමගම කෝපි බීම මගින් ඔබගේ හදවතේ ඇති රුධිර නාල සවිමත් වන බවයි.

Ø දියවැඩියාව පාලනය කරයි

කෝපි වල ඇති විශේෂ සංඝටක මගින් ඉන්සියුලීන් නිෂ්පාදනය පාලනය කරන අතර දියවැඩියාව සෑදීමට අවශ්‍ය කරන සාදක අවම කරයි. දෙවනි අවදියේ දියවැඩියා තත්වය පාලනය කිරීමට කෝපි වලට විශේශ හැකියාවක් තිබෙනවා.

Ø කෝප මගින් අක්මාව ආශ්රිත රෝගද සුව කරයි

ඔනෑම කෙනෙක්ට නීරෝගීව සිටීමට අක්මාව ඉමහත් සේවයක් ඉටු කරනවා.ඉතින් එය පරිස්සම් කර ගැනීමට කෝපි ඉතාමත් හොද සහයෝගයක් ලබා දෙනවා.අක්මා පිළිකා , මද් සිරෝසිස් වගේ දේවල් වලට එරෙහිව සටන් කිරීමට කෝපි වලට හැකියාවක් තිබෙනවා. සෑම දිනකම කෝපි පානය කරන පුද්ගලයින්ට අක්මාව ආශ්‍රිත රෝග වැලදීමේ හැකියාව අවම වන බව පර්යේෂණ මගින් හෙලි වෙලා තිබෙනවා.මොකද අක්මාවේ එන්සයිම මට්ටම පාලනය කිරීමට කෝපි වලට හැකියාවක් තිබෙනවා . මේ නිසා දිනපතා කෝපි පානය කිරීම හොද බවයි බොහෝ පරීයේෂකයන්ගේ මතය.

Ø ඔබේ රුධිරය පිරිසිදු කිරීමටද කෝපි වලට හැකියාවක් තිබෙනවා

කෝපි යනු ඩයුරටින් (diuretic) පානයකි. ඒ නිසා ඔබ  වැඩියෙන් කෝපි පානය කරනවා කියන්නේ මූත්‍රා වැඩි වශයෙන් මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. එමගින් ශරීරයේ ඇති විෂ සහ බැක්ටීරියා පිටවන විට ඔබේ සිරුර පිරිසිදු වෙනවා වගේම නිරෝගී වෙනවා.

.අපි ඉහත සදහන් කලේ කෝපි වලින් අපට ලැබෙන වාසි ගැන. දැන් අපි බලමු කෝපි වල තිබෙන අවාසි මොනවාද කියලා

කෝපි පමණ ඉක්මවා පානය කිරීමෙන් අදික ප්‍රමාණයක් හෝමෝන නිකුත් කරන බැවින් එය ඔබේ ආතතියට බල පෑමට ඉඩ සැලස්වීමේ හැකියාවක් තිබෙනවා.අදික ලෙස කෝපි පානය කිරීම ඔබේ සුව දායක නින්දට බාදාවක් වෙන්න පුලුවන්. මේ නිසා ඔබට සුව දායක නින්දක් ලබා ගැනීමට නම් සවස් කාලයේ කෝපි පානය නොකර සිටිනවා නම් වඩාත් හොදයි.කෝපි පමණට වඩා පානය කිරීම මගින් එහි අන්තර් ගත කැෆේන් සහ අම්ලය මගින් ආමාංශයේ ආම්ලිකතාවය ඇති වන අතර ඔබට උදර කැක්කුම්ද ඇති වීමට පුලුවන්.ඔබේ ශරීරයේ අදික කෝපි ප්‍රමාණයක් තිබීම මගින් ශරීරයට අවශ්‍ය යකඩ, කැල්සියම්, සින්ක්, වැනි ඛනිජ ලවණ අවශෝෂණය කිරීම දුශ්කර කරයි.

ඔබ දිනකට කොපමණ ප්‍රමාණයක් කෝපි පානය කල යුතුද..?

කෝපි වල සංඝකයක් වන කැෆේන් යනු ලෝකයේ බහුලව කතා බහට ලක් වූ උත්තේජකයක්.ගෙදර හැදූ කුඩා කෝප්පයක කැෆේන් මිලි ග්‍රෑම් 50ක් පමන අඩංගු වෙයි. මේ නිසා දිනකට කෝපි කෝප්ප 3-4ක් පානය කිරීම ගැටලුවක් නොවුනත්, කෝපි කෝප්ප 2කට පමණක් සීමා වීම වඩාත් සුදුසුයි.

                            

                                                       




Sunday, October 17, 2021

      ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යය....

·                 ·      ක්රොකොඩිල්

ලෝකයේ අති භයානකම මත්ද්‍රව්‍යය ලෙස හදුනා ගැනීමට හැක්කේ මෙම ක්‍රොකොඩිල් නම් මත්ද්‍රව්‍යයි.මෙම මත්ද්‍රව්‍යය සදහා කියන තවත් නමක් ලෙස සොම්බි යනුවෙන් හදුන්වයි.වැඩි වශයෙන් මෙය රුසියාවේ පැතිර යයි.ක්‍රොකොඩිල් නම් මෙම මත්ද්‍රව්‍ය හිසේ කැක්කුම් සදහා වන කොන්ඩින් නම් බෙහෙත් හා පෙට්‍රල්/තිනර්/හයිඩ්‍රොක්ලොරික් අම්ලය හා ගිනි පෙට්ටි වල ඇති රතු පොරොස්පරස් ඇතුළු භයානක සුසංඝටක එක් කරමින් තමයි මෙම භයානක මත්ද්‍රව්‍යය නිර්මාණය කරනු ලබන්නේ.

                     මෙම ක්‍රොකොඩිල් නම් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් හට කිසිදු ආකාරයෙන් එයින් මිදීමට නොහැකිය.මිදීමට අපහසු වූවත් එයින් මිදුණු කෙනෙකුට ජීවිතයේ එදිනෙදා කාල රාමුවට අනුව ගෙන යාමට නොහැකිය.මන්ද යත් ශාරීරික හා මානසික වේදනාවන්ට ලක්වන්නට සිදු වෙන අතර දීර්ඝ කාලීන රෝග වලට ද ගොදුරු වීමටද සිදුවේ.තවද මෙයට ඇබ්බැහි වූවාට පස්සේ ශරීරයේ මස් දියවී යාමට පවා පටන් ගනී.කෙසේ වූවාත් මෙම මත්ද්‍රවය සදහා මේ නම ලැබී ඇත්තේ,මෙය භාවිතා කරන අයගේ ඇග කොල පාට වී,කිබුලෙකුගේ මෙන් ගැටිති ගැටිති ඇති වෙන නිසාවෙනි.කෙසේ වුවත් දැනට ලෝකය තුළ පවතින මිනිසුන්ට අහිතකර අති භයානකම මත්ද්‍රව්‍යය ලෙස මෙය හදුනා ගැනීමට පිළිවනි.



Saturday, October 2, 2021

 

විශ්මිත ගුණ කියාපාන ඉගුරු.......

ඉපැරණි මුතුන් මිත්තන්ගේ පටන්ම පැවත ගෙන එන හෙළ දිව ඔසුවක් ලෙස ඉගුරු හදුනා ගැනීමට පිළිවනි.නමුත් මදක් කල්පනා කර බැලුවහොත් ඔබ මේ දිව ඔසුව මගින් අපට ලැබෙන ප්‍රයෝජන එසේත් නොමැති නම් වාසි මොනවාද කියා සිතා බැලුවද?...

බොහොමයක් රෝග නසන ඔසුවක් ලෙස ඉගුරු හදුනා ගැනීමට පුළුවනි.එහිදී සාමාන්‍ය රෝගයකට පවා බටහිර වෙද කමට පුරුදු වී ඇති අපේ මිනිසුන් මෙවැනි සිංහල වෙද කම  පිළිබද කිසිදු ආකාරයකින් තැකීමකට  ලක් නොකරයි.එදිනෙදා අපට මුහුණ දීමට සිදු වන ඉතා සුළු රෝහාබාධ වලට පවා ඉක්මන් ප්‍රතිකර්මයක් මෙමගින් ගත හැකිය. ඉගුරු වලත් අපි  ප්‍රයෝජනයට ගන්නෙ භුගත අලය හෙවත් රෛසෝමයයි. ඉගුරු (ginger)වල ඇති ලාක්ෂණික රස, සැර,සුවඳ  හා ඖෂධීය ගුණය නිසා අතීතයේ සිටම කුළුබඩු වර්ගයක් මෙන්ම ඖෂධයක් ලෙස ලෝකය පුරා හොඳ ඉල්ලුමක් ඇත.

අපි බලමු මේ හෙළ දිව ඔසුවෙන් අපිට ලබා ගන්න පුළුවන් එසේත් නැත්නම් අප නෝදන්නා ඵල,ප්‍රයෝජන මොනවාද කියලා ?

·       සෙම්ප්‍රෙතිශ්යාවට මෙන්ම කැස්වව්ව් ට ලබා  ගත හැකි ඔසුවකි

 ඉගුරු සතුව පවතින ප්‍රති දිලීර හා ශරීරයේ විෂ ධාතු ඉවත් කරන විශේෂ ගුණයක් තිබේ.

·       දරබාධ වලට අතිශයින් ගුණදායකය

හෙළ වෙදකමෙහි උදරාබාධ වලට දෙන අත්බෙහෙත් වල ඉගුරු ඉස්ම වරදින්නේ නැත. එය උදරාබාධ වලට අත්දුටු බෙහෙතකි. ආහාර ගැනීමෙන් පසු ඉස්මුරුත්තාව යනුවෙන් හැඳින්වෙන අපහසුතාවයෙන් මිදීමට ඉගුරු අන්තර්ගත උණුසූම් පානයක් ගැනීමෙන් ඉක්මන් ගුණ ලැබේ. ඉගුරු ජීර්ණය වේගවත් කරයි. ජීර්ණක එන්සයිම ඝ‍්‍රාවය වැඩි කරයි.විශේෂයෙන්ම ආහාර ජීර්ණය සම්බන්ධ රෝගයක් වන “ඩිස්පෙප්සියා”රෝගය සදහා මෙය තරමක් දුරට සහනදායී ප්‍රථිපලයක් උදාකර දෙනු ලබයි.

·       දත් කැක්කුමෙන් සහනය

ඉගුරු වල ඇති ප‍්‍රතිදිලීර හා ප‍්‍රතිජීවක ගුණාංග නිසා දත් අමාරුකම් වලින් සහනය සැලසෙයි. බොහෝ දන්තෞෂධ වල ඉගුරු අනුපානයක් වන්නේ මේ නිසාය.

·       ඉගුරු රතිපරදාහික ඔසුවකි

පටක ඉදිමීම මතින් ඇතිවන ගැටළු අපේ සමාජයේ සැළකිය යුතු පිරිසක් පීඩාවට පත් කරයි. හන්දිපත් රෝග ආතරයිටිස් ආදියට හේතු වන්නේ මේ ශරීරයේ රදාහික ආචරණයයි. ඉගුරු මේ රදාහික තාවය මර්ධනය කිරීමට උපකාරී වෙයි.

·       කාන්තාවන්ගේ ඔසප් ගැටළු වලට සහනය

ඔසප් ගැටළු විවිධ වපසරියක් ගනී. ඔසප් වේදනාවේ සිට අධිකව රුධිරය වෑස්සීම. ඔසප් චක‍්‍රය ක‍්‍රමවත් නොවීම ආදී ගැටළු රාශියක් මේ යටතට ගැනේ. ඉගුරු මේ සියල්ලටම පිළියමකි. ඉගුරු මිශ‍්‍ර පානයක් ගැනීමෙන් වෙසෙසින්ම ඔසප් චක‍්‍රය නියමාකාරයෙන් පවත්වාගැනීමට රුකුලක් ලැබෙන බව හඳුනාගෙන තිබේ.

·       ඉරුවාරදයෙන් සහනය

ඇතැමෙක් නිබඳ මුහුණපාන ගැටළුවක් වන්නේ ඉරුවාරදය යනුවෙන් හැඳින්වෙන හිසේ කැක්කුමයි. මේ රෝගයට බලපාන ප්‍රොස්ටග්ලැන්ඩින් හෝමෝනය වෑස්සීම අධෛර්ය කරන නිසා ඉගුරු ඉරුවාරද රෝගීන්ටද ගුණදායකය.

·       ක්කාර ගතිය සදහා යොදා ගත හැකිය

මෙහි ඇති සුවිශේෂී සංඝටක නිසාවෙන් උදෑසන ඇතිවන ඔක්කාර ගතිය,කිමෝ තෙරපි නිසා ඇතිවන ඔක්කාර ගතිය,ගර්භනී තත්වය නිසා ඇතිවන ඔක්කාර ගතිය වැනි අවස්තා අවම කර ගත හැකිය.

එමෙන්ම ආහාර වෙනුවෙන් එතරම් උනන්දුවක් නැති වේලාවට ඉඟුරු තම්බා ගත් වතුරට දෙහි ඇඹුල් ස්වල්පයක් එක් කර ගෙන පානය කටන අතර එහෙම නැත්නම් ඉඟුරු කැබැල්ලක් උණු අලු පල්ලේ තම්බාගෙන එය පොතු හැර කැබැලි කපා මීපැණියේ බහා ආහාරයට ගනු ලැබීය. එය ආහාර අරුචිය වෙනුවෙන් හොඳ අත්බේතක්.මේ විදිහට ඉඟුරු යොදා ගැනීමෙන් ආහාර අරුචියට පිලියම් ලැබෙන බවට පිලිගැනීමක් තිබුණි.කෙසේ වුවද වත්මන් සමාජයේ ආහාර පිළියෙල කිරීමේදී හා විසබීජ නාශකයක් ලෙස ඉගුරු යොදා ගන්නා ආකාරය ඔබ පම හැමදෙනාම හොදින්ම දන්නා කරුණක් වේ.මේ තුළින් ඉගුරු පිළිබද අනවබෝධව තිබූ කරුණු රැසක් මේ තුළින් ගම්‍යමාන කර උද්දීපනය කොට ඉදිරිපත් කිරීමට අවකාශය උදාකර ගත හැකි අතර නොදන්නා කරුණු බොහොමයක් දැනුමට එක්කොට ගැනීමට අවකාශය ලැබේ.




උරුමය කියාපාන හන්බොක්....

   හන්බොක්?  කොරියානු  සාම්ප්‍රදායික සංස්කෘතිය හා අනුබද්ධ වචනයක්.ඉතින් ඔබ කොරියානු නාට්‍ය හා කොරියානු චිත්‍රපට වලට වඩාත් රුචි අයෙක් නම් මෙම ...