Wednesday, November 24, 2021

 

...ආදරයේ සංකේතය ටජ්මහල්...

ටජ්මහල් ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබැක් ලෙස තැනවු කිරිගරුඬ මන්දිරයකි. මෙය තම දේවිය "මුම්ටාස් මහල්" සිහිවීම පිණිස "ෂා ජෙහාන්" නම් මෝගල් අධිරාජ්‍යා විසින් ඉදිකරන ලදී. මෙය ඉන්දියාවේ ඉස්ලාමීය ගෘහ නිර්මාණ කලාවේ ආභරණය ලෙස හදුන්වන අතර ලෝක උරුම ශ්‍රේෂ්ඨ කලා කෘතියක් ලෙස සලකණු ලබයි. පර්සියන්, තුර්කි හා ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ සංකලනයක් වු මෙය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ කැඩපතක් ලෙසටද හැඳින්විය හැක.1983 දී ටජ්මහල යුනෙස්කෝ ලෝක උරුමයක් විය. කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය වුවත් ටජ්මහල් යනු ගොඩනැඟිලි සංකිර්ණයකි. මෙහි ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් දහස් ගනණකගේ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් විය. ටජ්මහල ඉදිකිරීමේදි අධිරජ්‍යාගේ මඟ පෙන්වීම මත ගෘහ නිර්මාණ ශිල්පින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇත. ඒ අතරින් "අබ්-උල්-කරීම්", "මාමුර්-ඛාන්", "මක්‍රමත්-ඛාන්" හා ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී "උස්ටාඩ්-අහමඩ්-ලහාවුරි" විශේෂ වේ.

ගෘහ නිර්මාණ ශිල්පය

ප්‍රධන පිවිසුම  සෑදී ඇත්තේ දාරවල ටිමෝස් දෙකක් සහිත ඉහළ තට්ටු බිත්තියක ස්වරූපයෙන්ය. එය පසු කර ගිය පසු, සොහොන් ගෙයෙහි අභ්යන්තර මළුව වෙතට පිවිසිය හැකිය.

මුවොලොයම් පල්ලිය - වේදිකාවේ කෙළවරට මිනිත්තු හතරක් මයිටාට් නගිනවා. විනාශකාරී සොහොන් බිමට ඉහළ කුළුණු වැටීමට ඉඩ නොදෙන එවැනි නිර්මාණාත්මක ලක්ෂ්යයක් මගින් ඉඩ නොදෙනු ඇත.සොහොන් ගෙයි පැතිවලින් අනන්ය ගොඩනැඟිලි දෙකක්. ගෙවල් නිවාස සමතුලිතව වම් සහ දකුණට ඉදි කර ඇත.

කිරිගරුඬ බුබ්බුලාකාරය මෙම මන්දිරයේ විශේෂම අංගය වේ. එය මීටර් 35 (අඩි155) පමණ උස වේ. මෙය සිලින්ඩරාකාර හැඩැති මීටර් 7(අඩි 23) පමණ උස සිංගාරමක් මත පිහිටයි. මෙහි හැඩය නිසාම ලූනු ගෙඩියෙ හැඩය ගත් බුබ්බුලාකාරය (Onion Dome) ලෙස හදුන්වයි. එහි මුදුන නෙලුම්මල් මෝස්තරයෙන් නිම කර ඇත. මෙම බුබ්බුලාකාරයෙහි හැඩය ඉස්මතුවීම සඳහා තවත් කුඩා බුබ්බුලාකාර සතරක් කොන් සතරෙහි නිමකර ඇත. එහි වහලය ස්ථම්භ වලින් උසවගෙන සිටින අතර එමඟින් ආලෝකය ගොඩනැඟිල්ල තුලට ගමන් කර‍යි. ප්‍රධාන බිත්ති අග උල් වූ තුඩු වලින් අලංකාර කර ඇති අතර එමඟින් ගොඩනැඟිල්ලට උස් බවක් එක්වී ඇත. බුබ්බුලාකාරය මත සාම්ප්‍රදායික හින්ඳු හා පර්සියන් මෝස්තරයෙන් හැඩවු කොත් කැරැල්ලක් පිහිටයි.

පිහිනුම් තටාක සමග උද්‍යානය

සමස්ත සංකීර්ණයේ ගෘහ නිර්මාණ ශිල්පය ඉන්දියානු, පර්සියානු සහ අරාබි ගෘහ නිර්මාණ ශිල්පයේ අංගයන්ගේ අද්විතීය එකතුවකි. සොහොන් ගෙය දිල්ලි නගරයේ පිහිටා ඇති බාබුරිඩ් රාජවංශයේ හුමායුන් අධිරාජ්‍යයාගේ සොහොනට සමානය.ටජ්මහල මහල් විසි ගණනක ගොඩනැගිල්ලකට සමාන උසකින් යුක්ත වන නමුත් එහි අසාමාන්‍ය සමානුපාතිකයන් එය සැහැල්ලු හා බරින් අඩු කරයි. ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පියා ගොඩනැගිල්ලේ මුහුණතෙහි උස හා පළල සමාන කළ අතර අර්ධ වෘත්තාකාර ස්ථාන රාශියක් කළේය. මධ්යම ගෝලාකාරයේ උස මීටර් 25 ක් වන අතර එහි විෂ්කම්භය මීටර් 17 කි. ගොඩනැගිලි ද්‍රව්‍ය එතරම් උසකට ගෙන ඒම සඳහා කිලෝමීටර් 3,5 ක් දිග බෑවුම් සහිත මැටි බැම්මක් ඉදිකරන ලදි. උතුරු පැත්තෙන් එය අවසන් වන්නේ ගඟ අසල කුඩා කඳු බෑවුමකිනි.





සොහොන් ගැබ

ටජ්මහල් ගොඩනැඟිලි සංකිර්ණ්යේ ප්‍රධාන අංගය සොහොන් ගැබයි. සුදු පැහැති විශාල චතුරස්‍රාකාර පාදමක් මත ඉදිකර ඇති මෙය බොහෝ මෝගල් ගොඩනැඟිලි මෙන්ම "ඉවාන්"(ආරුක්කු හැඩැති දොරකඩක්), විශාල බුබ්බුලාකාර කොතක් හා කොත් කැරැල්ලකින් යුක්තය.මෙහි පාදම් සැකිල්ල ඉතා විශාල වූත් කුටීර සහිත අසමමිතික අෂ්ටාස්‍ර හැඩ ගනී. මෙහි එක පැත්තක් මීටර් 55(අඩි 180) පමණ වේ. මෙම සෑම පෙදෙසකින්ම විශාල ආරුක්කු මඟවල් තනා ඇති අතර ආරුක්කු හැඩැති සඳළුතල නිමවා ඇත්තෙ ගොඩනැඟිල්ලෙ සෑම පැත්තක්ම සමමිතික වන පරිදිය. ප්‍රාසාදශෘංග සතරක් ගොඩනැගිල්ලේ පාදමේ කොන් සතරෙහි පිහිටයි. ප්‍රධාන කුටීරයේ "ෂා-ජෙහාන්" රජුගේ හා "මුම්ටාස්" දේවියගේ ව්‍යාජ සොහොන් කොත් පිහිටයි. සත්‍ය සොහොන් ගැබ් පිහිටා ඇත්තේ ඊට පහලින්ය.



ඇතුලත අලංකරණය

ටජ්මහලේ ඇතුලත අලංකරණය සාම්ප්‍රධායික නිර්මාණ වලින් ඔබ්බට ගොස් ඇත. මෙහි ඔබ්බවන ලද ගල් කැටයම් "පෙයිට්‍රා ඩුරා" ආකාර නොගනී. ඇතුලත කුටීරය සෑම පැත්තකින්ම ඇතුලුවිය හැකි අෂ්ටාස්‍ර හැඩ ගනී. නමුත් දකුණු දිශාවේ දොර පමණක් භාවිතා වේ. ඇතුලත බිත්ති මිටර් 25(අඩි 82) පමණ උස වන අතර ඒවා ව්‍යාජ බුබ්බුලාකාරයකින් අවසන් කර ඇත. ආරුක්කු 8 කින් පහත මාලය සමන්විත වන අතර මේවා පිටත සමඟ සම්බන්ධ වී වැඩි ඉඩකඩක් ලබා දී ඇත. සෑම පහත ඇති ආරුක්කු හැඩති විවරයක්ම බිත්තියේ මධ්‍යයේ දී තවත් එවැනිම ආරුක්කු හැඩති විවරයක් හා සම්බන්ධ වේ. ඉහල මධ්‍යයේ ඇති ආරුක්කු විවරයන්ගේ සඳළුතල මතින් වටපිටාව මැනවින් දිස් වන අතර එහි පිටත ඇති ජනේල විවරය සංකීර්ණ කැටයම් මෝස්තර සහිත "ජාලි" වලින් නිර්මිතය. බොහෝ විට මෙය ආලෝකය ලබාගැනීම සඳහාද භාවිතා වේ. සෑම කුටීර බිත්තියක්ම ඉතා විචිත්‍ර හා සියුම් පේකඩ, මැණික් නිර්මාණයන් ගෙන්ද කාව්‍යලේඛන නිර්මාණයන් ගෙන්ද සමන්විතය.

ස්මාරකය වටා අෂ්ඨාස්‍ර හැඩැති කිරිගරුඬ පුවරුව "ජාලි" විචිත්‍ර කැටයමෙන් යුතු අතර ගරුඬ පාෂාණ පුවරු අටකින් සමන්විතය. එහි කැටයම් කර ඉතිරිවී ඇති කොටස් විවිද පාෂාණ ඔබ්බවා විචිත්‍ර කර ඇත.ඉස්ලාම් සම්ප්‍රදයට අනුව සොහොන් විචිත්‍ර චිත්‍ර හා කැටයමින් අලංකාර කිරීම සිදු නොකල යුත්තකි. එහෙයින් "මුම්ටාස්" දේවියගේ හා "ෂා-ජෙහාන්" රජුගෙ සිරුරු තැන්පත් කර ඇත්තෙ ඔවුන්ගේ මුහුණු "මක්කම" දිශාවට හරවා චාම් ලෙස නිර්මාණය කර ඇති ඇතුලත කුටිරයකය. "මුම්ටාස්" දේවියගේ ස්මාරකය ඇතුල් කුටීරයේ මධ්‍යයේ මීටර් 1.5(අඩි 4 අඟල් 11) දිග හා මීටර් 2,5(අඩි 8 අඟල් 2) කින් පළල වේදිකාවක් මත පිහිටයි.

 


                                      




Sunday, November 7, 2021

 

අපූරු ජපානය....

අමු අශ්ව මස් ජපානය තුල ජනප්‍රිය ආහාරයක්

ජපානය තුල මේවා හඳුන්වනු ලබන්නේ සකුරා, එහෙම නැත්නම්, සකුරානිකු යන නමින්. මෙය ජපානයට අලුත් අත්දැකීමක් නොවන අතර එහි ඉතිහාසය ක්‍රි.ව.1500 ජපානය මුහුණ දුන් ආහාර අර්බුධය තෙක් ඈතට දිව යයි. අශ්වමස් අනුභවය නැවත ජනප්‍රිය වීම ආරම්භ වී ඇත්තේ වර්ෂ 1960දී පමණයි.  ප්‍රවාහන සහ ගොවිතැන් ක්‍රම වල දියුණුවත් සමඟම ඒ සඳහා භාවිතා කළ අශ්වයන් ප්‍රයෝජන රහිත විය. එයට පිලියමක් ලෙස අශ්ව මස් අනුභවය නැවත හඳුන්වා දුන් අතර එය මේවන විට ඉතා ජනප්‍රිය ජපන් ආහාරයක්. ඉතා ප්‍රියමනාප රෝස පැහැයකින් යුතු වන මෙම අශ්ව මස් අඹරන ලද ඉඟුරු, ළූණු, සෝයා සෝස් සමඟ ආහාරයට ගැනීමට ඔවුන් දැඩි රුචිකත්වයක් දක්වනු ලබයි.

ජපානයේ භූමියෙන් 70% ක් කඳු වන අතර ගිනි කඳු 200 ක් පමණ පිහිටා තිබෙනවා

ජපානය සෑදී අත්තේ දූපත් 6,852 ක එකතුවෙන් වෙනවා. නමුත් රටේ ප්‍රධාන භූමියෙන් 97%ක් දුපත් හතරක් මගීන් ආවරණය වන අතර ඒවා හොන්ශු, කියුශු, ශිකොකු, හා හොකයිඩෝ වේ. රටෙන් 4/5 කඳු, වනාන්තර, හෝ වාසයට නුසුදුසු භූමි වන අතර එම නිසා රට ජනාවාස කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක් වී තිබේ. තවද රටෙන් 70%ක් කඳු වෙනවා. ගිනි කඳු 200ක් ඒ අතර පවතී. සක්‍රිය ගිනි කන්දක් වන ෆුජි ගිනි කන්ද උසින් මීටර 3,776ක් වෙනවා. රටේ දිගම ගඟ ශිනානෝ වන අතර එය කිලෝමීටර 367ක දිගින් යුතු වේ.නැවුම්  ජලය සහිත විශාලම වැව බිවා වන අතර ඒ වර්ග කිලෝමීටර 670ක් පුරා පැතිර තිබේ.

සියදිවි නසාගැනීම් අතින් ඉහලින්ම සිටින රටක්

ජපානය සලකණු ලබන්නේ ඉතාමත් ධනවත් රටක් ලෙසයි. නමුත් ලෝකයේ සියදිවි නසාගැනීමේ අගය ඉහළින්ම පවතින් රටක් ලෙසත් ජපානය සැලකේ. වසරකට 30,000කට ආසන්න ප්‍රමාණයක් මෙසේ සියදිවි නසා ගනු ලබයි. එම අගය  ජපනුන් 100,000කට 24.4 ක් පමණ වනවා. මෙය ජපානයේ පවතින ප්‍රබලතම ගැටළු වලින් එකක්. මෙයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස අවුරුදු 15 -34 කාන්තාවන් හා වයස අවුරුදු 20 – 44 වයස් වලට පිරිමින්. මෙයට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ රැකියා විරහිත භාවයයි. ඊට අමතර හේතූන් ලෙස විෂාදය, හා ආර්ථික ගැටලු නම් කෙරේ. නමුත් මෙසේ රැකියා ගැටළු නිසා මියයන බොහෝ දෙනෙකු උපාධිධාරීන් ද වේ.

නම් නැති විදී ඇති රටක්

ජපානයේ පවතින බොහෝ විදී හා මාර්ගයන්ට නම් නැහැ. ඔවුන් තමන්ගේ ලිපිනය පැවසීමට ඔවුන්ටම විශේෂිත වූ මාර්ග පැවසීමේ ක්‍රමයක් භාවිතා කරනු ලබයි..ඒ “බ්ලොක් අංක” මගින් තමන් සිටින ස්ථානය දැන්වීමයි. ජපානයේ පවතින ගොඩනැගිලි බ්ලොක් වලට එයටම අදාළ වූ අංකයක් පවතින අතර මේවා ලිපිනය ලෙස ඔවුන් භාවිතා කරයි. ඔබ ජපන් ජාතිකයෙකුගෙන් මාර්ගය ඇසූ විට ඔහු වීදියක නමක් වෙනුවට ඔබට දෙනු ඇත්තේ බ්ලොක් අංකයක්. මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් ලෙසයි විදේශිකයින් සලකන්නේ. නමුත් ජපනුන් පවසන්නේ එමගින් ඉතා ඉක්මනින් පුද්ගලයෙකු සිටින තැන හඳුනාගත හැකි බවයි. මෙහි ඇති තවත් පහසුවක් වන්නේ ඔබ නමක් වෙනුවට මතක තබා ගත යුතු වන්නේ අංකයක් පමණක් වීමයි.

ඉකෙබානා මල් කලාව

ඉකෙබානා යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුරාණ ජපානයේ පැවතුණා වූ මල් සැකසීමේ ක්‍රමයකි. මෙහි අර්ථය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ‘ඉකෙ’ යන්නෙන් ‘ජීවමාන හෝ පිළියෙළ කිරීම’ යන අර්ථයත්, බානා’ යන්නෙන් ‘මල්’ යන්නත් ධ්වනිත වනවා. බාල, තරුණ හා මහළු යන අවධි සංකේතවත් කරමින් මල් පොහොට්ටුවේ සිට වියළි පත්‍ර දක්වා කොටස් මේ සඳහා භාවිතයට ගනු ලබයි. මෙම කලාවේ ආරම්භය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී 7 වන සියවසයේ චීනයෙන් හා කොරියාවෙන් ජපානයට බුදු දහම පළමු වරට හඳුන්වා දෙනු ලැබූ අතර මේ සමඟම බෞද්ධ පන්සල් වල සිදු කරන පූජාවන් සඳහා මල් භාවිතය ආරම්භ විය. ඒ අනුව පැහැදිලි වන්නේ, මල් පුජා කිරීමේ සිරිත පදනම් කරගෙන ආරම්භ වූ මෙම ක්‍රමය පසුකාලීනව කලාවක් බවට පත්ව ඇති බවයි. මෙම කලාව ඉකෙබානා, ඔහාරා හා සොගෙත්සු යනුවෙන් ප්‍රධාන​ සම්ප්‍රදායන් තුනකට බෙදනු ලබයි. මෙම ක්‍රම අතුරින් වඩාත් වැදගත්, ප්‍රධාන හා පැරණිම ක්‍රමය සෙන්කෙයි නමැති භික්ෂුව විසින් ආරම්භ කරන ලද ඉකෙබානා කලාවයි. ඔහාරා සම්ප්‍රදාය ගොඩනගා තිබෙන්නේ, ඔහාරා ඔන්ෂින් විසිනි. 1900-1977 වකවානුවේ සිටි තෙශිගරා සොෆු විසින් සොගේත්සු හඳුන්වා දී තිබේ. තේපානොත්සව, තරු උත්සව, හිනාමත්සුරි උත්සව ආදී නොයෙකුත් විශේෂ අවස්ථා වලදී මෙම කලාව වත්මනේ භාවිතා කරයි.

 බෝනෙන්කයි සාද

දෙසැම්බර් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජපානයේ කාර්ය බහුලම මාසයයි. මෙලෙස කාර්ය බහුල වන්නේ, නත්තල් සඳහා සාප්පු යාම වැනි හේතු මත නොවන අතර සාද පැවැත්වීම මෙයට හේතුව වනවා. ඒ අතරින් බොනෙන්කායි වසරේ ඉතාමත් වැදගත් සාද වන අතර මෙමඟින් අදහස් වන්නේ, පසුගිය වසරේ කරදර අමතක කොට සාර්ථක වසරක් බලාපොරොත්තු වන ලෙසයි. මෙය ව්‍යාපාර ආයතනවල සේවකයන් අතර හමුවක් ලෙස බහුලව පැවැත්වේ. අවම වශයෙන් ජපානයේ එක් සමාගමක් එක් බොනෙන්කායි සාදයක් වත් පවත්වනු ලබයි. මෙම සාද කතා පැවැත්වීම් කිහිපයකින් යුක්ත වන අතර, ක්‍රීඩාවන් මෙහි පොදුවේ දැකගත හැකි දෙයක් වේ.









උරුමය කියාපාන හන්බොක්....

   හන්බොක්?  කොරියානු  සාම්ප්‍රදායික සංස්කෘතිය හා අනුබද්ධ වචනයක්.ඉතින් ඔබ කොරියානු නාට්‍ය හා කොරියානු චිත්‍රපට වලට වඩාත් රුචි අයෙක් නම් මෙම ...