...ආදරයේ
සංකේතය ටජ්මහල්...
ටජ්මහල් ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබැක් ලෙස තැනවු කිරිගරුඬ මන්දිරයකි. මෙය තම දේවිය "මුම්ටාස් මහල්" සිහිවීම පිණිස "ෂා ජෙහාන්" නම් මෝගල් අධිරාජ්‍යා විසින් ඉදිකරන ලදී. මෙය ඉන්දියාවේ ඉස්ලාමීය ගෘහ නිර්මාණ කලාවේ ආභරණය ලෙස හදුන්වන අතර ලෝක උරුම ශ්‍රේෂ්ඨ කලා කෘතියක් ලෙස සලකණු ලබයි. පර්සියන්, තුර්කි හා ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ සංකලනයක් වු මෙය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ කැඩපතක් ලෙසටද හැඳින්විය හැක.1983 දී ටජ්මහල යුනෙස්කෝ ලෝක උරුමයක් විය. කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය වුවත් ටජ්මහල් යනු ගොඩනැඟිලි සංකිර්ණයකි. මෙහි ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් දහස් ගනණකගේ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් විය. ටජ්මහල ඉදිකිරීමේදි අධිරජ්‍යාගේ මඟ පෙන්වීම මත ගෘහ නිර්මාණ ශිල්පින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇත. ඒ අතරින් "අබ්-උල්-කරීම්", "මාමුර්-ඛාන්", "මක්‍රමත්-ඛාන්" හා ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී "උස්ටාඩ්-අහමඩ්-ලහාවුරි" විශේෂ වේ.
ගෘහ නිර්මාණ ශිල්පය
ප්‍රධන පිවිසුම සෑදී ඇත්තේ දාරවල ටිමෝස් දෙකක් සහිත ඉහළ තට්ටු
බිත්තියක ස්වරූපයෙන්ය. එය පසු කර ගිය පසු, සොහොන් ගෙයෙහි අභ්යන්තර මළුව වෙතට පිවිසිය
හැකිය.
මුවොලොයම් පල්ලිය - වේදිකාවේ
කෙළවරට මිනිත්තු හතරක් මයිටාට් නගිනවා. විනාශකාරී සොහොන් බිමට ඉහළ කුළුණු වැටීමට
ඉඩ නොදෙන එවැනි නිර්මාණාත්මක ලක්ෂ්යයක් මගින් ඉඩ නොදෙනු ඇත.සොහොන් ගෙයි පැතිවලින්
අනන්ය ගොඩනැඟිලි දෙකක්. ගෙවල් නිවාස සමතුලිතව වම් සහ දකුණට ඉදි කර ඇත.
කිරිගරුඬ බුබ්බුලාකාරය මෙම මන්දිරයේ විශේෂම අංගය වේ. එය මීටර් 35 (අඩි155) පමණ උස වේ. මෙය සිලින්ඩරාකාර හැඩැති මීටර් 7(අඩි 23) පමණ උස සිංගාරමක් මත පිහිටයි. මෙහි හැඩය නිසාම ලූනු ගෙඩියෙ හැඩය ගත් බුබ්බුලාකාරය (Onion Dome) ලෙස හදුන්වයි. එහි මුදුන නෙලුම්මල් මෝස්තරයෙන් නිම කර ඇත. මෙම බුබ්බුලාකාරයෙහි හැඩය ඉස්මතුවීම සඳහා තවත් කුඩා බුබ්බුලාකාර සතරක් කොන් සතරෙහි නිමකර ඇත. එහි වහලය ස්ථම්භ වලින් උසවගෙන සිටින අතර එමඟින් ආලෝකය ගොඩනැඟිල්ල තුලට ගමන් කරයි. ප්‍රධාන බිත්ති අග උල් වූ තුඩු වලින් අලංකාර කර ඇති අතර එමඟින් ගොඩනැඟිල්ලට උස් බවක් එක්වී ඇත. බුබ්බුලාකාරය මත සාම්ප්‍රදායික හින්ඳු හා පර්සියන් මෝස්තරයෙන් හැඩවු කොත් කැරැල්ලක් පිහිටයි.
පිහිනුම් තටාක සමග උද්‍යානය
සමස්ත සංකීර්ණයේ ගෘහ නිර්මාණ ශිල්පය
ඉන්දියානු, පර්සියානු සහ
අරාබි ගෘහ නිර්මාණ ශිල්පයේ අංගයන්ගේ අද්විතීය එකතුවකි. සොහොන් ගෙය දිල්ලි නගරයේ
පිහිටා ඇති බාබුරිඩ් රාජවංශයේ හුමායුන් අධිරාජ්‍යයාගේ සොහොනට සමානය.ටජ්මහල මහල්
විසි ගණනක ගොඩනැගිල්ලකට සමාන උසකින් යුක්ත වන නමුත් එහි අසාමාන්‍ය සමානුපාතිකයන්
එය සැහැල්ලු හා බරින් අඩු කරයි. ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පියා ගොඩනැගිල්ලේ
මුහුණතෙහි උස හා පළල සමාන කළ අතර අර්ධ වෘත්තාකාර ස්ථාන රාශියක් කළේය. මධ්යම
ගෝලාකාරයේ උස මීටර් 25 ක් වන අතර
එහි විෂ්කම්භය මීටර් 17 කි.
ගොඩනැගිලි ද්‍රව්‍ය එතරම් උසකට ගෙන ඒම සඳහා කිලෝමීටර් 3,5 ක් දිග
බෑවුම් සහිත මැටි බැම්මක් ඉදිකරන ලදි. උතුරු පැත්තෙන් එය
අවසන් වන්නේ ගඟ අසල කුඩා කඳු බෑවුමකිනි.
ටජ්මහල් ගොඩනැඟිලි සංකිර්ණ්යේ ප්‍රධාන අංගය
සොහොන් ගැබයි. සුදු පැහැති විශාල චතුරස්‍රාකාර පාදමක් මත ඉදිකර ඇති මෙය බොහෝ මෝගල්
ගොඩනැඟිලි මෙන්ම "ඉවාන්"(ආරුක්කු හැඩැති දොරකඩක්), විශාල බුබ්බුලාකාර
කොතක් හා කොත් කැරැල්ලකින් යුක්තය.මෙහි පාදම් සැකිල්ල ඉතා විශාල වූත් කුටීර සහිත අසමමිතික
අෂ්ටාස්‍ර හැඩ ගනී. මෙහි එක පැත්තක් මීටර් 55(අඩි 180) පමණ වේ. මෙම
සෑම පෙදෙසකින්ම විශාල ආරුක්කු මඟවල් තනා ඇති අතර ආරුක්කු හැඩැති සඳළුතල නිමවා
ඇත්තෙ ගොඩනැඟිල්ලෙ සෑම පැත්තක්ම සමමිතික වන පරිදිය. ප්‍රාසාදශෘංග සතරක්
ගොඩනැගිල්ලේ පාදමේ කොන් සතරෙහි පිහිටයි. ප්‍රධාන කුටීරයේ "ෂා-ජෙහාන්"
රජුගේ හා "මුම්ටාස්" දේවියගේ ව්‍යාජ සොහොන් කොත් පිහිටයි. සත්‍ය
සොහොන් ගැබ් පිහිටා ඇත්තේ ඊට පහලින්ය.
ඇතුලත අලංකරණය
ටජ්මහලේ ඇතුලත අලංකරණය සාම්ප්‍රධායික
නිර්මාණ වලින් ඔබ්බට ගොස් ඇත. මෙහි ඔබ්බවන ලද ගල් කැටයම් "පෙයිට්‍රා
ඩුරා" ආකාර නොගනී. ඇතුලත කුටීරය සෑම පැත්තකින්ම ඇතුලුවිය හැකි අෂ්ටාස්‍ර
හැඩ ගනී. නමුත් දකුණු දිශාවේ දොර පමණක් භාවිතා වේ. ඇතුලත බිත්ති මිටර් 25(අඩි 82) පමණ උස වන අතර ඒවා
ව්‍යාජ බුබ්බුලාකාරයකින් අවසන් කර ඇත. ආරුක්කු 8 කින් පහත
මාලය සමන්විත වන අතර මේවා පිටත සමඟ
සම්බන්ධ වී වැඩි ඉඩකඩක් ලබා දී ඇත. සෑම පහත ඇති ආරුක්කු හැඩති විවරයක්ම බිත්තියේ
මධ්‍යයේ දී තවත් එවැනිම ආරුක්කු හැඩති විවරයක් හා සම්බන්ධ වේ. ඉහල මධ්‍යයේ ඇති
ආරුක්කු විවරයන්ගේ සඳළුතල මතින් වටපිටාව මැනවින් දිස් වන අතර එහි පිටත ඇති ජනේල
විවරය සංකීර්ණ කැටයම් මෝස්තර සහිත "ජාලි" වලින් නිර්මිතය. බොහෝ විට මෙය
ආලෝකය ලබාගැනීම සඳහාද භාවිතා වේ. සෑම කුටීර බිත්තියක්ම ඉතා විචිත්‍ර හා සියුම්
පේකඩ, මැණික්
නිර්මාණයන් ගෙන්ද කාව්‍යලේඛන නිර්මාණයන් ගෙන්ද සමන්විතය.
ස්මාරකය වටා අෂ්ඨාස්‍ර හැඩැති කිරිගරුඬ
පුවරුව "ජාලි" විචිත්‍ර කැටයමෙන් යුතු අතර ගරුඬ පාෂාණ පුවරු අටකින්
සමන්විතය. එහි කැටයම් කර ඉතිරිවී ඇති කොටස් විවිද
පාෂාණ ඔබ්බවා විචිත්‍ර කර ඇත.ඉස්ලාම් සම්ප්‍රදයට අනුව සොහොන් විචිත්‍ර චිත්‍ර හා
කැටයමින් අලංකාර කිරීම සිදු නොකල යුත්තකි. එහෙයින් "මුම්ටාස්"
දේවියගේ හා "ෂා-ජෙහාන්" රජුගෙ සිරුරු තැන්පත් කර ඇත්තෙ ඔවුන්ගේ මුහුණු
"මක්කම" දිශාවට හරවා චාම් ලෙස නිර්මාණය කර ඇති ඇතුලත කුටිරයකය. "මුම්ටාස්"
දේවියගේ ස්මාරකය ඇතුල් කුටීරයේ මධ්‍යයේ මීටර් 1.5(අඩි 4 අඟල් 11) දිග හා මීටර් 2,5(අඩි 8 අඟල් 2) කින් පළල
වේදිකාවක් මත පිහිටයි.