අපූරු ජපානය....
අමු අශ්ව මස්
ජපානය තුල ජනප්‍රිය ආහාරයක්
ජපානය තුල මේවා හඳුන්වනු ලබන්නේ සකුරා,
එහෙම නැත්නම්, සකුරානිකු යන
නමින්. මෙය ජපානයට අලුත් අත්දැකීමක් නොවන අතර එහි ඉතිහාසය ක්‍රි.ව.1500 ජපානය
මුහුණ දුන් ආහාර අර්බුධය තෙක් ඈතට දිව යයි. අශ්වමස් අනුභවය නැවත ජනප්‍රිය වීම
ආරම්භ වී ඇත්තේ වර්ෂ 1960දී පමණයි. ප්‍රවාහන
සහ ගොවිතැන් ක්‍රම වල දියුණුවත් සමඟම ඒ සඳහා භාවිතා කළ අශ්වයන් ප්‍රයෝජන රහිත විය.
එයට පිලියමක් ලෙස අශ්ව මස් අනුභවය නැවත හඳුන්වා දුන් අතර එය මේවන විට ඉතා ජනප්‍රිය
ජපන් ආහාරයක්. ඉතා ප්‍රියමනාප රෝස පැහැයකින් යුතු වන මෙම අශ්ව මස් අඹරන ලද ඉඟුරු,
ළූණු, සෝයා සෝස් සමඟ
ආහාරයට ගැනීමට ඔවුන් දැඩි රුචිකත්වයක් දක්වනු ලබයි.
ජපානයේ
භූමියෙන් 70% ක් කඳු වන අතර ගිනි කඳු 200 ක් පමණ පිහිටා තිබෙනවා
ජපානය සෑදී අත්තේ දූපත් 6,852 ක එකතුවෙන්
වෙනවා. නමුත් රටේ ප්‍රධාන භූමියෙන් 97%ක් දුපත් හතරක් මගීන් ආවරණය වන අතර ඒවා
හොන්ශු, කියුශු, ශිකොකු,
හා හොකයිඩෝ වේ. රටෙන් 4/5 කඳු,
වනාන්තර, හෝ වාසයට
නුසුදුසු භූමි වන අතර එම නිසා රට ජනාවාස කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක් වී තිබේ.
තවද රටෙන් 70%ක් කඳු වෙනවා. ගිනි කඳු 200ක් ඒ අතර පවතී. සක්‍රිය ගිනි කන්දක් වන
ෆුජි ගිනි කන්ද උසින් මීටර 3,776ක් වෙනවා. රටේ දිගම ගඟ ශිනානෝ වන අතර එය කිලෝමීටර
367ක දිගින් යුතු වේ.නැවුම් ජලය සහිත
විශාලම වැව බිවා වන අතර ඒ වර්ග කිලෝමීටර 670ක් පුරා පැතිර තිබේ.
සියදිවි
නසාගැනීම් අතින් ඉහලින්ම සිටින රටක්
ජපානය සලකණු ලබන්නේ ඉතාමත් ධනවත් රටක්
ලෙසයි. නමුත් ලෝකයේ සියදිවි නසාගැනීමේ අගය ඉහළින්ම පවතින් රටක් ලෙසත් ජපානය සැලකේ.
වසරකට 30,000කට ආසන්න ප්‍රමාණයක් මෙසේ සියදිවි නසා ගනු ලබයි. එම අගය ජපනුන් 100,000කට 24.4 ක් පමණ වනවා. මෙය ජපානයේ
පවතින ප්‍රබලතම ගැටළු වලින් එකක්. මෙයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස අවුරුදු 15
-34 කාන්තාවන් හා වයස අවුරුදු 20 – 44 වයස් වලට පිරිමින්. මෙයට හේතු ලෙස හඳුනාගෙන
ඇත්තේ රැකියා විරහිත භාවයයි. ඊට අමතර හේතූන් ලෙස විෂාදය,
හා ආර්ථික ගැටලු නම් කෙරේ. නමුත් මෙසේ රැකියා ගැටළු නිසා
මියයන බොහෝ දෙනෙකු උපාධිධාරීන් ද වේ.
නම් නැති විදී
ඇති රටක්
ජපානයේ පවතින බොහෝ විදී හා මාර්ගයන්ට නම්
නැහැ. ඔවුන් තමන්ගේ ලිපිනය පැවසීමට ඔවුන්ටම විශේෂිත වූ මාර්ග පැවසීමේ ක්‍රමයක්
භාවිතා කරනු ලබයි..ඒ “බ්ලොක් අංක” මගින් තමන් සිටින ස්ථානය දැන්වීමයි. ජපානයේ
පවතින ගොඩනැගිලි බ්ලොක් වලට එයටම අදාළ වූ අංකයක් පවතින අතර මේවා ලිපිනය ලෙස ඔවුන්
භාවිතා කරයි. ඔබ ජපන් ජාතිකයෙකුගෙන් මාර්ගය ඇසූ විට ඔහු වීදියක නමක් වෙනුවට ඔබට
දෙනු ඇත්තේ බ්ලොක් අංකයක්. මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් ලෙසයි විදේශිකයින්
සලකන්නේ. නමුත් ජපනුන් පවසන්නේ එමගින් ඉතා ඉක්මනින් පුද්ගලයෙකු සිටින තැන හඳුනාගත
හැකි බවයි. මෙහි ඇති තවත් පහසුවක් වන්නේ ඔබ නමක් වෙනුවට මතක තබා ගත යුතු වන්නේ
අංකයක් පමණක් වීමයි.
ඉකෙබානා මල්
කලාව
ඉකෙබානා යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුරාණ
ජපානයේ පැවතුණා වූ මල් සැකසීමේ ක්‍රමයකි. මෙහි අර්ථය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී
‘ඉකෙ’ යන්නෙන් ‘ජීවමාන හෝ පිළියෙළ කිරීම’ යන අර්ථයත්,
‘බානා’ යන්නෙන් ‘මල්’
යන්නත් ධ්වනිත වනවා. බාල, තරුණ හා මහළු
යන අවධි සංකේතවත් කරමින් මල් පොහොට්ටුවේ සිට වියළි පත්‍ර දක්වා කොටස් මේ සඳහා
භාවිතයට ගනු ලබයි. මෙම කලාවේ ආරම්භය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී 7 වන
සියවසයේ චීනයෙන් හා කොරියාවෙන් ජපානයට බුදු දහම පළමු වරට හඳුන්වා දෙනු ලැබූ අතර මේ
සමඟම බෞද්ධ පන්සල් වල සිදු කරන පූජාවන් සඳහා මල් භාවිතය ආරම්භ විය. ඒ අනුව
පැහැදිලි වන්නේ, මල් පුජා කිරීමේ සිරිත පදනම් කරගෙන ආරම්භ වූ
මෙම ක්‍රමය පසුකාලීනව කලාවක් බවට පත්ව ඇති බවයි. මෙම කලාව ඉකෙබානා,
ඔහාරා හා සොගෙත්සු යනුවෙන් ප්‍රධාන සම්ප්‍රදායන් තුනකට
බෙදනු ලබයි. මෙම ක්‍රම අතුරින් වඩාත් වැදගත්, ප්‍රධාන හා
පැරණිම ක්‍රමය සෙන්කෙයි නමැති භික්ෂුව විසින් ආරම්භ කරන ලද ඉකෙබානා කලාවයි. ඔහාරා
සම්ප්‍රදාය ගොඩනගා තිබෙන්නේ, ඔහාරා ඔන්ෂින්
විසිනි. 1900-1977 වකවානුවේ සිටි තෙශිගරා සොෆු විසින් සොගේත්සු හඳුන්වා දී තිබේ.
තේපානොත්සව, තරු උත්සව, හිනාමත්සුරි
උත්සව ආදී නොයෙකුත් විශේෂ අවස්ථා වලදී මෙම කලාව වත්මනේ භාවිතා කරයි.
දෙසැම්බර් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජපානයේ
කාර්ය බහුලම මාසයයි. මෙලෙස කාර්ය බහුල වන්නේ, නත්තල් සඳහා
සාප්පු යාම වැනි හේතු මත නොවන අතර සාද පැවැත්වීම මෙයට හේතුව වනවා. ඒ අතරින්
බොනෙන්කායි වසරේ ඉතාමත් වැදගත් සාද වන අතර මෙමඟින් අදහස් වන්නේ,
පසුගිය වසරේ කරදර අමතක කොට සාර්ථක වසරක් බලාපොරොත්තු වන
ලෙසයි. මෙය ව්‍යාපාර ආයතනවල සේවකයන් අතර හමුවක් ලෙස බහුලව පැවැත්වේ. අවම වශයෙන්
ජපානයේ එක් සමාගමක් එක් බොනෙන්කායි සාදයක් වත් පවත්වනු ලබයි. මෙම සාද කතා
පැවැත්වීම් කිහිපයකින් යුක්ත වන අතර, ක්‍රීඩාවන් මෙහි
පොදුවේ දැකගත හැකි දෙයක් වේ.
No comments:
Post a Comment