අභිරහස් හැරීගේ සප්ත මන්තරය
හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ. කේ. රෝලිංග් විසින් රචිත ෆැන්ටසි ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවකි. මෙම කතා මාලාව ප්‍රධාන නවකතා පොත් අටකින් (08) සමන්විත වන අතර හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා සියලුම ප්‍රබන්ධ ගොඩනැගී ඇත.
කතා
මාලාවේ පලමුවැන්න වන Harry Potter and the Philosopher's Stone (සිංහල
පරිවර්තනය: හැරී පොටර් සහ මායා ගල) 1997 ජුනි 30 වනදා බ්‍රිතාන්‍යයේදී නිකුත් වූ අතර එය සහ
ඉන් අනතුරුව නිකුත් වූ සියලුම පොත් ඉතා ඉහල පාඨක සහ විචාරක ප්‍රතිචාර ලබා ගැනීමට
සමත් විය. මෙම පොත් මාලාව සිංහල ඇතුලුව භාෂා 68 කට පරිවර්තනය වී ඇති අතර,
ලොව පුරා පිටපත් මිලියන 450 ක් පමණ විකිණී
ඇත. තවද, හැරී පෝටර් පොත් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට
අටකින් (08) සමන්විත චිත්‍රපට මාලාවද සාර්ථක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වූ අතර,
ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක ආදායමක්
ලබමින් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට මාලා අතරේ පෙරමුණෙහි පසුවේ.
රූපාන්තරය (Transfiguration)
රූපාන්තරයක් යනු වස්තුවක අණුක ව්‍යුහය වෙනස් කිරීම හරහා වස්තුවක ස්වරූපය හෝ පෙනුම වෙනස් කිරීම
කෙරෙහි අවධානය යොමු කරන මැජික් වර්ගයකි. බොහෝ වස්තූන් මෙලෙස වෙනස් කළ හැකි අතර, එම හැකියාව
මෙම මායා වර්ගයට ම සීමා වෙන්නේ නැහැ.පළමු වසරේ මායා සිසුන්ට ඉගැන්වෙන මෙම මන්තර ක්‍රියාත්මක
කිරීමේ දී ශරීර බර, දුෂ්ට බව, මායා බලය, මානසික ඒකාග්‍රතාව
යනාදිය සැලකිල්ලට ගත යුතු යි.
“රූපාන්තරය යනු ඔබ හොග්වාර්ට්ස් හි ඉගෙන ගන්නා වඩාත්
සංකීර්ණ හා භයානක මැජික් වර්ගයක්. මගේ පන්තියේ විකාර කරන ඕනෑම අයෙකු එළියට දමනවා.
මෙය පූර්ව අනතුරු ඇඟවීමකි”යි Philosopher’s Stone කෘතියේ දී මහාචාර්ය
මැක්ගොනගල් කියයි.ඩර්ස්ලි පවුල සඟවාගෙන සිටින හැරී සොයාගෙන
එන හැග්‍රීඩ්, කුඩයකින්
උඳුනේ ගිනි දල්වන්නේ මෙන්ම හැරී පොටර්ට Parseltongue හෙවත් සර්පයින්ගේ බස බව හෙළි වූ
අවස්ථාවේ ස්නේප් විසින් එම සර්පයාව නැති කරන ලද්දේ මෙවන් මායාවකින්. එනම්, දෙයක් ඇති
කිරීම සහ නැති කිරීමේ හැකියාව ද මෙය සතු යි. මෙය වැරදියට කිරීමෙන් රොන් පන්ති
කාමරයේ දී මීයෙක්ව, වලිගයක් ඇති
කෝප්පයක් බවට පත් කළා.
හූනියම (Charm)
හූනියමක් හෙවත් Charm එකක් යනු
වස්තුවකට හා පුද්ගලයෙකුගේ දෙයක් වෙනස් කරන මන්තර වර්ගයකි. රූපාන්තරයේ දී සිදුවන්නේ; සම්පූර්ණ
වස්තුවම වෙනත් දෙයක් බවට පත් වීම වුවත්, මෙහි දී සිදුවන්නේ කිසියම් කොටසක්/
ගුණාංගයක් පමණක් වෙනස් වීම යි.හර්මයිනි, සිරියස් බ්ලැක් බේරාගනිද්දී බොම්බාඩා (Bombarda) යොදාගත් අතර, එහි දැඩි
හානියක් කළ හැකි බොම්බාඩා මැක්සිමා (Bombarda Maxima) මන්ත්‍රය ඩම්බල්ඩෝගේ
හමුදාව සිටි රහසිගත කාමරය විවෘත කිරීමට ඩොලෝරස් අම්බ්‍රිජ් භාවිතා කළා. Homonculous Charm එක සිතියමකට
යෙදූ විට විවිධ පුද්ගලයන් සිටින ස්ථාන, ගමන් කරන ආකාරය එහි දැකිය හැකියි
කොඩිවින (Jinx)
කොඩිවින හෙවත් Jinx යනු අඳුරු
මායා වර්ගයකි. J.
K. රෝලිං මෙය විස්තර කරන්නේ “කරදරකාරී නමුත්
හාස්‍යජනක” මන්ත්‍ර වර්ගයක් ලෙස යි. අඳුරු මායාවන් අතුරින් අඩුම බලයක් ඇත්තේ මෙයට
යි. මේවා ආත්ම ආරක්ෂාව සඳහා භාවිතා කරන ඒවා යි.
Jinx කරද්දි ක්‍රියාත්මක
විය යුතු දේ දෙස අඛණ්ඩව බලා සිටිය යුතු වෙනවා. ක්විඩිච් තරගාවලියේ දී ස්නේප්
මුමුණමින් ඇස් පිය නොහෙලා හැරී දෙස බලා සිටිනු හර්මයිනි දකී. විවිධ උපකරණ සහ
පුද්ගලයින් ලවා ගීත ගායනා කරවීම (Cantis), නර්තනයේ යෙදවීම (Tarantallegra), තාරාවුන් බවට
පත් කරවීම (Ducklifors),
Half-Blood Prince හි දී ලූනා ලව්ගුඩ්, “ලෙවිකෝපුස්” (Levicorpus) මඟින්
පුද්ගලයන් ඉහළට ඔසවා විසි කිරීම යනාදිය මීට උදාහරණ වේ.
ගුරුකම (Hex)
හෙක්ස් එකක් යනු තරමක් ප්‍රබල අඳුරු
මායාවකි. ජින්ක්ස්වලට සාපේක්ෂව වැඩි බලපෑමක් කරන්නට මේවාට හැකියාව තිබෙනවා. නමුත්, ශාපයක් (curse) තරම් ප්‍රබල
නැහැ. මේවා ද ආත්මාරක්ෂාව සඳහා යොදා ගත හැකි වේ.
දත් විරූපීව දිගු කිරීම (Densaugeo), හිස කුඩා
කරවීම (Redactum
Skullus), කිවිසුම් යැවීම (Steleus), සපත්තු පොළොවට
ඇලවීම (Colloshoo),
Goblet of Fire හි දිව අඟක් බවට පත්
කිරීම ආදිය මෙයට උදාහරණ ලෙස දක්වන්න පුළුවනි.
Order of
the Phoenix හි නාසයේ ඇති සොටු, වවුලන් බවට
පත් කරන එකක් (Bat-Bogey
Hex) ද දක්වන නමුත් එය චිත්‍රපටයේ හුදෙක් වාචිකව
සඳහන් කිරීමකට සීමා වෙනවා. එය මිනිසුන්ට හැර වෙනත් කුකුළන් වැනි සතුන්ට කිරීමෙන්
පාසලින් දැඩි දඬුවම් පවා ලබන්නට හේතු වන බව JK රෝලිංගේ පැරණි වෙබ්
අඩවියේ තිබූ ප්‍රශ්නාවලියක් පෙන්වා දිනි.
ශාපය (Curse)
අඳුරු මායාවන් අතරින් ශාප කිරීම ප්‍රබලම
මායාවකි. මේවායෙන් පහර දීමෙන් වින්දිතයාට දරා ගත නොහැකි වේදනාවක්, මනස පාලනය හෝ
මරණය පවා උරුම කර දිය හැකි තරම් ප්‍රබල ප්‍රතිඵල ගෙන දෙනවා. මෙම මන්ත්‍ර කීමේ දී
යෂ්ටිය වේගවත්ව ඉලක්ක කර,
අත ස්ථිරව තබා ගැනීම සිදුකරයි. එසේම සිතේ අධික ක්‍රෝධයක්, ශාප කිරීමේ
චේතනාවක් නොමැතිව දැඩි පහරදීමක් කළ නොහැකියි.
අඳුරු මායාවන්ට එරෙහිව සටන් වැදීමේ දී තමාට
ආරක්ෂාව සලසා ගැනීම සඳහා හොග්වර්ට්සි හි මෙය ඉගැන්වීම අරඹන ලද අතර, අඩු මට්ටමේ
ශාපයන් උගන්වනු ලබනවා. ශාපයන් වැළැක්වීමට ඇතැම් අවස්ථාවල දී ආරක්ෂක (Shield) Charms භාවිතා කළ
හැකි යි. එසේ කළ නොහැකි සුවිශේෂී අවස්ථාවන් වන්නේ මරණීය සහ අධි වේදනාකාරී ශාපයන්
ය. නමුත්, වෝල්ඩර්මෝට්ගෙන්
හැරී බේරාගැනීමට ලිලී පොටර් (මව) මෙය ජීවිතය පුදමින් සාර්ථකව වළක්වා ගනී.
කකුල් සිර කළ හැකි ලොකොමෝටර් මෝටිස් (Locomotor Mortis) ශාපය මැල්ෆෝයි
විසින් නෙවිල් ලෝංබොටම් වෙත සාර්ථකව යොමු කරයි. Goblet of Fire හි
වෝල්ඩර්මෝට් නැවත පැමිණි අවස්ථාවේ දී හැරීට කෲසිඕ (Crucio) ශාපයෙන් පහර
දෙයි. පොතේ එය විස්තර කරන්නේ ගිනියම් පිහිතුඩුවලින් අනින්නාක් මෙන් වේදනාවක් හැරී
පොටර්ට දැනුණු බව යි. අ’වාඩා කෙඩව්රා (Avada Kedavra) යනු චිත්‍රපටවල ද නිතර
දක්නට ලැබුණු කොළ පැහැති එළියක් විහිදුවන මරණීය ශාපයකි.
ප්‍රති මන්තර
ප්‍රතිමන්තර හෙවත් Counter-Spells යනු වෙනත්
මන්ත්‍රයකින් ඇති වූ බලපෑම බිඳ දැමීම සඳහා භාවිතා කරන ඒවා යි. මේවා අදාළ මන්ත්‍රයේම
විරුද්ධ වර්ගය ලෙස සැලකිය හැකි නිසා තවත් 5ක සංයුක්තයක් වැනි වෙයි. එහෙත් මෙය තවත්
වර්ගයකි.
Chamber
of Secrets හි දී හැරී
අ’වාඩා කෙඩව්රා (Avada Kedavra)
ශාපයෙන් මිදුණේ කෙසේදැ යි, ටොම් රිඩ්ල් ප්‍රශ්න
කරයි. එවිට හැරී පැහැදිලි කරන්නේ එය තම මව විසින් කළ ප්‍රතිහූනියමකින් (Counter-charm) බිඳුණු බව යි.
කලෝපෝටස් නමැති දොරගුළු ලෑ හැකි Charm එකෙහි ප්‍රති-මන්තරය
ලෙස අලෝහොමෝරා (Alohomora)
ක්‍රියා කරයි.
සුව කිරීමේ මන්තර
සුව කිරීමේ මායාවන්හි කොටසක් වන Healing spells ප්‍රාණීන්ගේ
සෞඛ්‍යය තත්ත්වය නඟා සිටුවීම සඳහා මේවා යොදා ගැනේ. නමුත්, වැරදියට
උච්චාරණය කිරීමෙන් නොසිතූ අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදුවේ. මේ නිසාම හැරී පොටර්, මැඩම් පොම්ෆ්‍රේ
මත වැඩි විශ්වාසයක් තබයි.
මෙහි වඩාත් සුප්‍රසිද්ධ භාවිතය වන්නේ ක්විඩිච් තරගයක් අවසානයේ දී හැරී තම අතේ අස්ථි බිඳුමකට ලක් වූ අවස්ථාවේ දී යි. එවෙලේම ගිල්ඩරෝයි ලොක්හාර්ට් හැරීගේ අත පිළිසකර කිරීමට බ්‍රාකීයම් එමෙන්ඩෝ (Brachium Emendo) මන්ත්‍රය තෙපලූ අතර, ක්ෂණයකින් තිබූ අස්ථි ටිකත් නැතිව ගොස් ඔහුගේ අත රබර් මෙන් එල්ලා වැටෙන්නට විය.හැරී පොටර් කතා මාලාව කාගේත් සිත් ගත්තකි.
හැම අවස්ථාවක දී ම වාගේ පොත් කියවූ කෙනෙක්ට චිත්‍රපට මාලාව මදි වගේ දැනුණත්, හොග්වර්ට්ස් පාසල් සිසුවෙක් වෙන්නට කවුද අකමැති......



