Saturday, October 29, 2022

උරුමය කියාපාන හන්බොක්....

 

 හන්බොක්?



 කොරියානු  සාම්ප්‍රදායික සංස්කෘතිය හා අනුබද්ධ වචනයක්.ඉතින් ඔබ කොරියානු නාට්‍ය හා කොරියානු චිත්‍රපට වලට වඩාත් රුචි අයෙක් නම් මෙම ඇඳුම් විලාසිතාවන් ඔබ ඕනෑ තරම් දැක ඇත.

ඒ වගේම පැරණි ඉතිහාසයක් ද මෙම ඇඳුම් විලාසිතාවට තියෙනවා.හරියටම කිව්වොත් වසර දෙදහක විතර පැරැණි ඉතිහාසයක්.
කොහොම නමුත් තව දුරටත් ඒ ගැන විස්තර කරනවානම් පැරණි ඉතිහාසයකට එහා ගිය යම් කිසි සංස්කෘතිකමය වටිනාකමක් සහිත වූ ගැඹුරක් ද මෙම සාම්ප්‍රදායික ඇඳුම් මෝස්තර සහ විලාසිතාවන් සමඟ සම්බන්ධයි.
වර්තමානයේ මෙම විලාසිතාව උතුරු කොරියාවේ සහ මොංගෝලියාවේ සමහර ප්‍රදේශ වල දී ද ඊසාන දිග චීනයේ දී ද දැකිය හැකියි. 

ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස්වන හන්බොක් ඇඳුම්



සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික කාන්තා හන්බොක් ඇඳුම හැට්ටයකින් හා සායකින් සමන්විතයි.එනම් ඒවා jeogory සහ chima නම් වේ. jeogory ලෙසින් හැට්ටය ද chima ලෙසින් සායද හඳුන්වයි. එම නිසා කාන්තා හන්බොක් ඇඳුම් කට්ටලය චීමා ජෙගෝරි ලෙස නම් කර ඇත. පිරිමි උදවියගේ හන්බොක් ඇඳුම හැට්ටයකින් හා කලිසමකින් සමන්විතයි. එනම් jeogory සහ baji වේ.
ජෙගෝරි
හන්බොක් වල උඩුකය වැසෙන ඇදුම් මෙම නමින් හඳුන්වයි. දැනට සොයා ගෙන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පැරණිතම ජෙගෝරි අයත් වන්නේ Yangcheon Heo වංශයට එනම් 1400-1450 අතර කාලයට සහ 1460 ගනන් වලටයි.
මෙම ජෙගෝරි වල ස්වරූපය කාලයෙන් කාලයට වෙනස් වේ. සාමාන්‍යයෙන් කාන්තා ජෙගෝරි වලයි මෙම වෙනස බහුලව ඇතිවෙන්නේ. පිරිමි ජෙගෝරි එතරම් විශේෂ වෙනසකට ලක් නොවේ. ජොසොන් වැනි රාජ්‍ය වංශය සමයේ කාන්තාවන්ගේ ජෙගෝරි නාටකාකාර ලෙස කෙටි වී ඇත.නමුත් පසු කාලීනව නිර්මාණය කරන ලද ජෙගෝරි වල කාන්තාවන්ගේ උඩුකය වැසෙන කොටස තරමක් දිග සහ පළලින් යුක්ත විය. මේ සඳහා භාවිතයට ගන්නා වූ රෙදි වර්ග මෙන්ම මැසීම සඳහා උපයෝගී කරගන්නා වූ තාක්ෂණය සහ හැඩය අනුව වර්ග කිහිපයක් ද වේ.


චීමා ( Chima)

මෙම නමින් හදුන්වන්නේ හන්බොක් ඇඳුමෙහි යට කොටස එනම් සාය කොටසයි. එහි ඉණ පටියක් ඇත මෙයද එක් එක් කාල පරාස වල යම් යම් වෙනස්කම්වලට ලක්වෙමින් ඉදිරියට පැමිණ තිබේ.

බජී

මෙම නමින් හඳුන්වන්නේ පිරිමි උදවියගේ හන්බොක් ඇඳුමෙහි පහළ කොටසයි. කොරියානු භාෂාවෙන් බජී යනු කලිසම් යන්න සඳහා යොදා ගන්නා වූ විධිමත් වචනයයි. නමුත් මෙම කලිසම් වර්ගය බටහිර යුරෝපීය කලිසම තරම් තද නොවෙයි.එනම් සැහැල්ලු ගතියක් එහි ඇත. එලෙස එය නිර්මාණය කර ඇත්තේ බිම හිඳ ගැනීමට වඩාත් පහසු වන ලෙසිනි. එය වඩාත් ශක්තිමත් ලෙස ඇඳීම සඳහා ගැට ගැසිය හැකි ඉනවටා යෙදෙන පටියක් ද ඇත.
අරමුණු අනුවත් වර්ගීකරණය වෙනවා.

අවට පරිසරයේ සෞන්දර්යාත්මක සංකේතයක් වන හන්බොක්

කොරියානු ජාතිකයින් මෙම ඇඳුම් නිර්මාණය කිරීමේදී වඩාත් වැඩි සැලකිල්ලක් දක්වන්නේ කොරියානු ස්වභාවික භාවය ඉස්මතු වන ආකාරයට එම ඇඳුම් පැළඳුම් නිර්මාණය කරගැනීමයි
හුඟක් වෙලාවට මෙම ඇඳුම් වල දකින්නට ලැබෙන්නේ මල් මෝස්තර සමනලුන් සහ ගංගා වැනි සොබාදහමේ අපූර්වතම නිර්මාණයන්.ඊට අමතරව සෘජු ,වක්‍ර ,සියුම් රේඛා සහ කොරියාවට ආවේණික වූ වර්ණ පහේ නියාය ද මෙම ඇඳුම් නිර්මාණය කිරීමේදී ඔවුහු සැලකිල්ලට ගනියි. සාමාන්‍යයෙන් මෙම ඇඳුම් පැළඳුම් වලින් ඔවුන් විදහා දක්වන්න උත්සාහ කරන්නේ සමබරතාවය සහ මෘදු බව.පෙර සඳහන් කරපු කොරියාවට ආවේණික වර්ණ පහේ නියායට අනුව ඔවුන් නිරන්තරයෙන් භාවිතාවට ගන්නේ සුදු ,රතු නිල් ,කළු ,සහ කහ වැනි වර්ණයන්.එම වර්ණ වලින් ලෝහ ,ගින්න, දර ජලය පොළව වගේ දේවල් සංකේතවත් වෙනවා.ඒ කිව්වේ ස්වභාවධර්මයේ ඇති දෑ නිරූපණය කරන්නයි මේ අය මෙම විලාසිතාවෙන් බොහෝ විට උත්සාහ කරන්නේ. ඉතිං ඒ නිසාවෙන් කොරියානු සෞන්දර්ය සහ එහි අලංකාරය මෙම ඇඳුම් පැළඳුම් වලින් ලෝකයට විදහා දක්වන්නට කොරියානුවන්ට හැකියාව ලැබෙයි.


සමාජ තත්ත්වයන් අනුව වෙනස් වන හන්බොක් ඇඳුම්

කොරියානුවන්ගේ සමාජ තත්ත්වය පෙන්වන සංකේතයක් ලෙසද මෙම සාම්ප්‍රදායික හන්බොක් ඇඳුම් හඳුන්වන්නට පුළුවනි . ඒ අනුව සාම්ප්‍රදායික රාජකීය පවුල් වලින් පැවත එන්නන් තමන්ගේ වංශවත්භාවය පෙන්වීමේ සංකේතයක් ලෙස ද මෙවන් වූ ඇඳුම් විලාසිතා භාවිතයට ගනු ලබයි.
විවාහ මංගල උත්සව, පළමු දරු උපත වැනි විශේෂ අවස්ථා. ඒ අනුව සමාජීය තත්ත්වයන් වල ඇති වෙනස්කම නිසා නිර්මාණය කර ගන්නා වූ ඇඳුම් වල අමුද්‍රව්‍ය සහ මෝස්තර වලද වෙනස්කම් දක්නට පුළුවනි . ඒ අනුව සිල්ක් සහ සැටින් නමැති රෙදි වර්ග යොදාගෙන ඇඳුම් නිර්මාණය කරගන්නේ රාජකීය පවුල්වල උදවියයි. කපු අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණය කර ගන්නේ සාමාන්‍ය කොරියානු වැසියන්ය.ඊට අමතරව සාමාන්‍යයෙන් වංශවත් උදවිය හන්බොක් සමඟ ලෙදර් වලින් නිෂ්පාදනය කළ පාවහන් භාවිතයට ගන්නා අතර පිදුරු වලින් වියන ලද පාවහන් වර්ග සාමාන්‍ය වැසියන් පළඳියි.
රාජකීය පවුල්වල වල උදවිය තද වර්ණ සහ වඩාත් හොඳ මිල අදිකම ද්‍රව්‍ය භාවිතා කරමින් හන්බොක් නිර්මාණය කරගන්නේ ඒවා ඔවුන්ගේ ගෞරවය සහ ධනවත් භාවය ඉස්මතු කරන්නට යොදගත හැකි බැවිණි. කොහොම නමුත් මෙම හන්බොක් විලාසිතා වල් වල ඇති එම්බ්‍රොයිඩර් රටා මෝස්තර සහ විචිත්‍රවත් වූ වර්ණ අන්තර්ගත වීම කාගේත් සිත් ගන්නා ලක්ෂණයක්. මීට අමතරව උණුසුම් මාස වල දී වංශවත් පවුල්වල උදවිය තදින් වියන ලද උසස් වර්ගයේ හන්බොක් පළදි. වසරේ ඉතිරි කාලය පුරාම ඔවුන් සරල මෝස්තර සහිත සිල්ක් හන්බොක් භාවිතයට ගනු ලබයි.


Sunday, July 10, 2022

 

   අභිරහස් හැරීගේ සප්ත මන්තරය

හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ. කේ. රෝලිංග් විසින් රචිත ෆැන්ටසි ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවකි. මෙම කතා මාලාව ප්‍රධාන නවකතා පොත් අටකින් (08) සමන්විත වන අතර හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා සියලුම ප්‍රබන්ධ ගොඩනැගී ඇත. 

කතා මාලාවේ පලමුවැන්න වන Harry Potter and the Philosopher's Stone (සිංහල පරිවර්තනය: හැරී පොටර් සහ මායා ගල) 1997 ජුනි 30 වනදා බ්‍රිතාන්‍යයේදී නිකුත් වූ අතර එය සහ ඉන් අනතුරුව නිකුත් වූ සියලුම පොත් ඉතා ඉහල පාඨක සහ විචාරක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් විය. මෙම පොත් මාලාව සිංහල ඇතුලුව භාෂා 68 කට පරිවර්තනය වී ඇති අතර, ලොව පුරා පිටපත් මිලියන 450 ක් පමණ විකිණී ඇත. තවද, හැරී පෝටර් පොත් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට අටකින් (08) සමන්විත චිත්‍රපට මාලාවද සාර්ථක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වූ අතර, ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක ආදායමක් ලබමින් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට මාලා අතරේ පෙරමුණෙහි පසුවේ.



රූපාන්තරය (Transfiguration)

 රූපාන්තරයක් යනු වස්තුවක අණුක ව්‍යුහය වෙනස් කිරීම හරහා වස්තුවක ස්වරූපය හෝ පෙනුම වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන මැජික් වර්ගයකි. බොහෝ වස්තූන් මෙලෙස වෙනස් කළ හැකි අතර, එම හැකියාව මෙම මායා වර්ගයට ම සීමා වෙන්නේ නැහැ.පළමු වසරේ මායා සිසුන්ට ඉගැන්වෙන මෙම මන්තර ක්‍රියාත්මක කිරීමේ දී ශරීර බර, දුෂ්ට බව, මායා බලය, මානසික ඒකාග්‍රතාව යනාදිය සැලකිල්ලට ගත යුතු යි. 
“රූපාන්තරය යනු ඔබ හොග්වාර්ට්ස් හි ඉගෙන ගන්නා වඩාත් සංකීර්ණ හා භයානක මැජික් වර්ගයක්. මගේ පන්තියේ විකාර කරන ඕනෑම අයෙකු එළියට දමනවා. මෙය පූර්ව අනතුරු ඇඟවීමකි”යි Philosopher’s Stone කෘතියේ දී මහාචාර්ය මැක්ගොනගල් කියයි.ඩර්ස්ලි පවුල සඟවාගෙන සිටින හැරී සොයාගෙන එන හැග්‍රීඩ්, කුඩයකින් උඳුනේ ගිනි දල්වන්නේ මෙන්ම හැරී පොටර්ට Parseltongue හෙවත් සර්පයින්ගේ බස බව හෙළි වූ අවස්ථාවේ ස්නේප් විසින් එම සර්පයාව නැති කරන ලද්දේ මෙවන් මායාවකින්. එනම්, දෙයක් ඇති කිරීම සහ නැති කිරීමේ හැකියාව ද මෙය සතු යි. මෙය වැරදියට කිරීමෙන් රොන් පන්ති කාමරයේ දී මීයෙක්ව, වලිගයක් ඇති කෝප්පයක් බවට පත් කළා.

හූනියම (Charm)

හූනියමක් හෙවත් Charm එකක් යනු වස්තුවකට හා පුද්ගලයෙකුගේ දෙයක් වෙනස් කරන මන්තර වර්ගයකි. රූපාන්තරයේ දී සිදුවන්නේ; සම්පූර්ණ වස්තුවම වෙනත් දෙයක් බවට පත් වීම වුවත්, මෙහි දී සිදුවන්නේ කිසියම් කොටසක්/ ගුණාංගයක් පමණක් වෙනස් වීම යි.හර්මයිනි, සිරියස් බ්ලැක් බේරාගනිද්දී බොම්බාඩා (Bombarda) යොදාගත් අතර, එහි දැඩි හානියක් කළ හැකි බොම්බාඩා මැක්සිමා (Bombarda Maxima) මන්ත්‍රය ඩම්බල්ඩෝගේ හමුදාව සිටි රහසිගත කාමරය විවෘත කිරීමට ඩොලෝරස් අම්බ්‍රිජ් භාවිතා කළා. Homonculous Charm එක සිතියමකට යෙදූ විට විවිධ පුද්ගලයන් සිටින ස්ථාන, ගමන් කරන ආකාරය එහි දැකිය හැකියි

වින්ගාඩියම් (හර්මයිනි කියන ආකාරයට) “ලෙවි-ඕ-සා” යනු වස්තුවකට පියෑඹීමේ ගුණාංග එක් කළ හැකි මන්ත්‍රයකි. ඔබ්ලිවියේට් (Obliviate) මඟින් මතකය නැති කළ හැකි අතර, ගිල්ඩරෝයි ලොක්හාර්ට් කැඩුණු යෂ්ටියකින් හැරීගේ මතකය නැති කරන්නට ගොස් තමාගේම මතකය නැති කර ගනු ලැබූ ආකාරය දැක ගත හැකිය.

කෙ‍ාඩිවින (Jinx)

කොඩිවින හෙවත් Jinx යනු අඳුරු මායා වර්ගයකි. J. K. රෝලිං මෙය විස්තර කරන්නේ “කරදරකාරී නමුත් හාස්‍යජනක” මන්ත්‍ර වර්ගයක් ලෙස යි. අඳුරු මායාවන් අතුරින් අඩුම බලයක් ඇත්තේ මෙයට යි. මේවා ආත්ම ආරක්ෂාව සඳහා භාවිතා කරන ඒවා යි.

Jinx කරද්දි ක්‍රියාත්මක විය යුතු දේ දෙස අඛණ්ඩව බලා සිටිය යුතු වෙනවා. ක්විඩිච් තරගාවලියේ දී ස්නේප් මුමුණමින් ඇස් පිය නොහෙලා හැරී දෙස බලා සිටිනු හර්මයිනි දකී. විවිධ උපකරණ සහ පුද්ගලයින් ලවා ගීත ගායනා කරවීම (Cantis), නර්තනයේ යෙදවීම (Tarantallegra), තාරාවුන් බවට පත් කරවීම (Ducklifors), Half-Blood Prince හි දී ලූනා ලව්ගුඩ්, “ලෙවිකෝපුස්” (Levicorpus) මඟින් පුද්ගලයන් ඉහළට ඔසවා විසි කිරීම යනාදිය මීට උදාහරණ වේ.


ගුරුකම (Hex)

හෙක්ස් එකක් යනු තරමක් ප්‍රබල අඳුරු මායාවකි. ජින්ක්ස්වලට සාපේක්ෂව වැඩි බලපෑමක් කරන්නට මේවාට හැකියාව තිබෙනවා. නමුත්, ශාපයක් (curse) තරම් ප්‍රබල නැහැ. මේවා ද ආත්මාරක්ෂාව සඳහා යොදා ගත හැකි වේ.

දත් විරූපීව දිගු කිරීම (Densaugeo), හිස කුඩා කරවීම (Redactum Skullus), කිවිසුම් යැවීම (Steleus), සපත්තු පොළොවට ඇලවීම (Colloshoo), Goblet of Fire හි දිව අඟක් බවට පත් කිරීම ආදිය මෙයට උදාහරණ ලෙස දක්වන්න පුළුවනි.

Order of the Phoenix හි නාසයේ ඇති සොටු, වවුලන් බවට පත් කරන එකක් (Bat-Bogey Hex) ද දක්වන නමුත් එය චිත්‍රපටයේ හුදෙක් වාචිකව සඳහන් කිරීමකට සීමා වෙනවා. එය මිනිසුන්ට හැර වෙනත් කුකුළන් වැනි සතුන්ට කිරීමෙන් පාසලින් දැඩි දඬුවම් පවා ලබන්නට හේතු වන බව JK රෝලිංගේ පැරණි වෙබ් අඩවියේ තිබූ ප්‍රශ්නාවලියක් පෙන්වා දිනි.



ශාපය (Curse)

අඳුරු මායාවන් අතරින් ශාප කිරීම ප්‍රබලම මායාවකි. මේවායෙන් පහර දීමෙන් වින්දිතයාට දරා ගත නොහැකි වේදනාවක්, මනස පාලනය හෝ මරණය පවා උරුම කර දිය හැකි තරම් ප්‍රබල ප්‍රතිඵල ගෙන දෙනවා. මෙම මන්ත්‍ර කීමේ දී යෂ්ටිය වේගවත්ව ඉලක්ක කර, අත ස්ථිරව තබා ගැනීම සිදුකරයි. එසේම සිතේ අධික ක්‍රෝධයක්, ශාප කිරීමේ චේතනාවක් නොමැතිව දැඩි පහරදීමක් කළ න‍ොහැකියි.

අඳුරු මායාවන්ට එරෙහිව සටන් වැදීමේ දී තමාට ආරක්ෂාව සලසා ගැනීම සඳහා හොග්වර්ට්සි හි මෙය ඉගැන්වීම අරඹන ලද අතර, අඩු මට්ටමේ ශාපයන් උගන්වනු ලබනවා. ශාපයන් වැළැක්වීමට ඇතැම් අවස්ථාවල දී ආරක්ෂක (Shield) Charms භාවිතා කළ හැකි යි. එසේ කළ නොහැකි සුවිශේෂී අවස්ථාවන් වන්නේ මරණීය සහ අධි වේදනාකාරී ශාපයන් ය. නමුත්, වෝල්ඩර්මෝට්ගෙන් හැරී බේරාගැනීමට ලිලී පොටර් (මව) මෙය ජීවිතය පුදමින් සාර්ථකව වළක්වා ගනී.

කකුල් සිර කළ හැකි ලොකොමෝටර් මෝටිස් (Locomotor Mortis) ශාපය මැල්ෆෝයි විසින් නෙවිල් ලෝංබොටම් වෙත සාර්ථකව යොමු කරයි. Goblet of Fire හි වෝල්ඩර්මෝට් නැවත පැමිණි අවස්ථාවේ දී හැරීට කෲසිඕ (Crucio) ශාපයෙන් පහර දෙයි. ‍පොතේ එය විස්තර කරන්නේ ගිනියම් පිහිතුඩුවලින් අනින්නාක් මෙන් වේදනාවක් හැරී පොටර්ට දැනුණු බව යි. අ’වාඩා කෙඩව්රා (Avada Kedavra) යනු චිත්‍රපටවල ද නිතර දක්නට ලැබුණු කොළ පැහැති ‍එළියක් විහිදුවන මරණීය ශාපයකි.



ප්‍රති මන්තර

ප්‍රතිමන්තර හෙවත් Counter-Spells යනු වෙනත් මන්ත්‍රයකින් ඇති වූ බලපෑම බිඳ දැමීම සඳහා භාවිතා කරන ඒවා යි. මේවා අදාළ මන්ත්‍රයේම විරුද්ධ වර්ගය ලෙස සැලකිය හැකි නිසා තවත් 5ක සංයුක්තයක් වැනි වෙයි. එහෙත් මෙය තවත් වර්ගයකි.

Chamber of Secrets හි දී හැරී අ’වාඩා කෙඩව්රා (Avada Kedavra) ශාපයෙන් මිදුණේ කෙසේදැ යි, ටොම් රිඩ්ල් ප්‍රශ්න කරයි. එවිට හැරී පැහැදිලි කරන්නේ එය තම මව විසින් කළ ප්‍රතිහූනියමකින් (Counter-charm) බිඳුණු බව යි. කලෝපෝටස් නමැති දොරගුළු ලෑ හැකි Charm එකෙහි ප්‍රති-මන්තරය ලෙස අලෝහොමෝරා (Alohomora) ක්‍රියා කරයි.

හැරී ක්විඩිච් සෙල්ලම් කරමින් සිටිය දී ස්නේප් ඔහුට එරෙහිව Jinx එකක් කරමින් සිටින බව අපට පෙනුණත්, පසුව පෙන්වා දෙන්නේ ක්විරල් විසින් Jinx කළ බවත්, ස්නේප් ඊට ප්‍රතිවිරුද්ධ මන්ත්‍රය මතුරමින් සිටි බවත් ය. ඒ අනුව, ප්‍රති-මන්තරවල දීත් ඇස් නොපියා බලා සිටීම වැනි ඊට අදාළ මන්ත්‍ර වර්ගයට සමාන ක්‍රම අනුගමනය කළ යුතු බව පෙනෙයි.


සුව කිරීමේ මන්තර

සුව කිරීමේ මායාවන්හි කොටසක් වන Healing spells ප්‍රාණීන්ගේ සෞඛ්‍යය තත්ත්වය නඟා සිටුවීම සඳහා මේවා යොදා ගැනේ. නමුත්, වැරදියට උච්චාරණය කිරීමෙන් නොසිතූ අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදුවේ. මේ නිසාම හැරී පොටර්, මැඩම් පොම්ෆ්‍රේ මත වැඩි විශ්වාසයක් තබයි.

මෙහි වඩාත් සුප්‍රසිද්ධ භාවිතය වන්නේ ක්විඩිච් තරගයක් අවසානයේ දී හැරී තම අතේ අස්ථි බිඳුමකට ලක් වූ අවස්ථාවේ දී යි. එවෙලේම ගිල්ඩරෝයි ලොක්හාර්ට් හැරීගේ අත පිළිසකර කිරීමට බ්‍රාකීයම් එමෙන්ඩෝ (Brachium Emendo) මන්ත්‍රය තෙපලූ අතර, ක්ෂණයකින් තිබූ අස්ථි ටිකත් නැතිව ගොස් ඔහුගේ අත රබර් මෙන් එල්ලා වැටෙන්නට විය.හැරී පොටර් කතා මාලාව කාගේත් සිත් ගත්තකි. 

හැම අවස්ථාවක දී ම වාගේ පොත් කියවූ කෙනෙක්ට චිත්‍රපට මාලාව මදි වගේ දැනුණත්, හොග්වර්ට්ස් පාසල් සිසුවෙක් වෙන්නට කවුද අකමැති......



ලොවක් වසග කරගත් පුංචි සිංහ ධේනුව..........

 

Saturday, July 2, 2022

ජීවියෙක් අජීවි කරන ගබ්සාව


ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හ--දුන්වා දිය හැකියි. බොහෝ රටවල ඵය සදාචාරමය හා සමාජිය ගැටලුවක් වි ඇතිවාක් මෙන්ම ලංකාව වැනි රටවල් වල ඵය නෛතික ගැටලුවක් බවටද පත් වි ඇත. ගබ්සාව පිළිබඳ විවිධාකාර අර්ථකථන බිහිවි ඇතත් පොදුවේ ගත් කල ගබ්සාව ‍යනු කලලය නොමේරූ අවධියේම ගර්හාෂයෙන් ස්වාභාවිකවම ඉවත් විම හෝ ඉවත කිරිමයි. මෙය ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකකට සිදුවිය හැකිය. 
 එනම්: 
 1.නිතැත් ගබ්සාව(Spontaneous Abortion) ස්වාභාවිකවම කලලය ගර්භාෂයෙන් පිටතට පැමිණිම. 
 2.ප්‍රේරිත ගබ්සාව (Induced Abortion ) බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීම. 

නිතැත් ගබ්සාව යනු ගබ්සාවීම වන අතර ප්‍රේරිත ගබ්සාව යනු ගබ්සා කිරීමයි.ලංකාව තුළ මෙය අපරාධයක් ලෙස දකින අතර සමාජය තුළ පිළිකුල් වන කාරණාවක්ද වේ. විවිධ රටවල ගබ්සාව පිළිබඳ තත්ව බොහෝ රටවල පවතින සමාජ , ආර්ථික විවිධතාවය පදනම් කොටගෙන වාර්ෂිකව ගබ්සාව සඳහා යොමු වන ප්‍රතිශතයේ වෙනස්කම් පවතින අතර සමහර රටවල සාඵල්‍යතාව අඩු කිරීමෙහි ලා ගබ්සාව ඉතා අඩු බලපෑමක් කරන සාධකයක් බවට පත් වි ඇත.ලෝකයේ ඇතැම් රටවල ගබ්සාව නීත්‍යානුකුල කර ඇති අතරම තවත් සමහර රටවල යම් යම් කොන්දේසි යටතේ නිතිගත කර ඇත. එහෙත් ලංකාව ඇතුලු ඇතැම් රටවල එය නෛතික වරදක් බවට පත්කර දඩුවම් නියම කර ඇත. 

 1.ඉන්දියාවේ ගබ්සාව නීනිගත කර ඇතත් එය සිදුකළ හැක්කේ ගැබට සති 20ක් ඉකුත් වීමට පෙරය. 
2.බංග්ලාදේශයේ ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර එය කරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත. 
3.තායිලන්තයේ ගබ්සාවක් කර හැක්කේ එය ව්‍යභිචාරය,දූෂණය ,හෝ මවගේ ජිවිතය බේරාගැනීමේ අරමුණින් පමණි.
 4.ශ්‍රී ලංකාවේ තවමත් බලපැවැත්වෙන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක් වේනම් පමණි. 5.තත්වය මෙසේ වුවද ඉහත දැක්වු හේතු මත ලෝකයේ අනීතිකව සිදුවන ගබ්සා ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් පවතී. සදාචාරමය හා ආගමික වශයෙන් යම් යම් සිමාවන් යටතේ 
6.ගබ්සාව සිදුකිරිමෙහි ප්‍රවණතාව අඩු වී ඇති අතර එයට වෛද්‍යවරයෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය වන නිසා එවැන්නකින් වැළකී සිටීමට බොහෝ අයගේ නැඹුරැවක්ද පවතියි.                       එහෙත් අක්‍රමවත්ව සිදුවන ගබ්සා කිරිම් හේතුවෙන් සිදුවන අනතුරැ ප්‍රමාණය ඉහළයෑමටද එම හේතුම ඉවහල් වි ඇත.


                                               

1883 දී ඇති කර ගත් මෙම ගබ්සා-විරෝධී නීතිය නිසා, අවුරුදු පතා ලක්ෂ ගණනක් ගැහැනුන්ව අපරාධකරුවන් බවට පත් කෙරෙනවා පමණක් නොව, වෛද්‍ය වෘත්තිය තුළ ගබ්සාව තහනම් කොට ඇති තත්වය තුළ, හොර වෙදුන්ගේ සරණ සෙවීමට ගැහැනුන්ව තල්ලු කරනු ලැබේ. එසේ හොර රහසේ සිදු කෙරෙන ගබ්සාවන් බොහෝ විට අසාර්ථක වන අතර, දරුවා නැති කර ගැනීමට අමතරව බොහෝ විට මවටත් රෝහල්ගත වීමට සිදු වෙයි.

2009 දී කරන ලද සමීක්ෂණ වාර්තාවක, කොළඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා සහ විෂ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය එන්. එල්. අබේසිංහ කියන පරිදි, දරුවන් 1000 ක් දෙනා රටේ උපදින විට, තවත් දරුවන් 740 ක් ගබ්සා කරනු ලැබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2011 ‘වාර්ෂික සෞඛ්‍ය විවරණිකාවට’ අනුව, වසරකට රජයේ රෝහල්වලට ඇතුළත් කෙරෙන ගැහැනුන්ගෙන් සියයට 7-16 අතර ප‍්‍රමාණයක්, අසාර්ථක ගබ්සාවන් නිසා රෝහල්ගත වන්නන් ය. 

ගබ්සාව පිළිබඳ සංකල්පයම නීති විරෝධී වන නිසා, මේ විෂය සම්බන්ධයෙන් ගැබිණි මව්වරුන් සඳහා උපදේශන සේවා පැවැත්වීමට සෞඛ්‍ය සේවකයන්ට පුළුවන් කමක් නැත. මන්ද යත්, එය පවා අපරාධයකට සහාය වීමක් හෝ උදව් කිරීමක් විය හැකි බැවිනි. ඒ හේතුව නිසාම, මේ විෂයය පාසල්වල ලිංගික අධ්‍යාපනික පාඨමාලාවන්ට ඇතුළත් කිරීමේ හැකියාවක් ද නැත. කොටින් කිවහොත්, මේ සමස්ත විෂයයම තහනම් කලාපයක් සේ සැළකීමට සිදුව තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් දස ලක්ෂ ගණනකට එය මහා හෙනයක් වී තිබේ.

මේ තත්වය තුළ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විවිධ කාන්තා සංවිධාන සේම ලෝක සෞඛ්‍ය සංවිධානයත්, මේ ආචීර්ණ කල්පික නීතිය සංශෝධනය කළ යුතු බවට දැන් කලක සිට හඬ නගයි. ගබ්සාව අපරාධයක් සේ නීතිය තුළ සැළකුණත්, සෑම දිනකම කාන්තාවන් 1000 ක් පමණ දෙනා එම අපරාධයේ යෙදෙන බව ඔවුහූ දනිති. ඔවුන්ගේ අරමුණ වන්නේ, ගබ්සා ක‍්‍රියාවලිය තුළ ආරක්ෂාව සහතික කිරීමත්, විධිමත් පවුල් පාලන උපදේශන සේවාවන් හරහා ගබ්සා අනුපාතිකය අවම කිරීමත් ය.

ගබ්සාව පිළිබඳව දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් නීතිය සංශෝධනය කිරීමේ ප‍්‍රයත්නයන් පිළිබඳ අපේ ඉතිහාසය අවුල් සහගත ය. බොහෝ දේශපාලඥයෝ, සදාචාරවාදීහූ සහ ආගමික නායකයෝ ඒ නීතිය වෙනස් කිරීමට සපුරා විරුද්ධ වෙති. සෑම ජීවිතයකම අගයක් දකින ශ‍්‍රී ලංකාවේ බෞද්ධ උරුමය තුළ, හිතුමතේ ගබ්සා කිරීමේ නිදහස දීමට ඔවුන්ගේ කැමැත්තක් නැත. කෙසේ වෙතත්, මේ නීතිය සංශෝධනය විය යුතු බවට තර්ක කරන පිරිස්, නොමේරූ අවදියේ කරන ගබ්සා කිරීම් නීත්‍යානුකූල කිරීමෙන්, අඩු වශයෙන් විශේෂ අවස්ථාවලදීවත්, අදාළ කාන්තාවන්ට ලිංගික අධ්‍යාපනික පාඨමාලා හරහා අවබෝ්ධයක් ලබා දෙමින් ගබ්සා කිරීමේ අනුපාතිකය පහළ දැමීමට හැකි වන බව පෙන්වා දෙති.

  වර්තමානය තුළ බොහෝ වැරදි සහගත ලිංගික චර්‍යාවන් නිසාවෙන් බොහෝමයක් ගබ්සාවන්ට යොමු වන ආකාරය හදුනා ගැනීමට පිළිවනි.එහිදී බොහොමයක් තරුණ තරුණියන් මේ සදහා යොමුවන අතර විවිධ වූ ක්‍රියාවලි ඔස්සේ ගබ්සාවන් සිදු කරන ආකාරය හදුනා ගැනීමට පිළිවනි.

                              විවිධ පෙති වර්ග භාවිතය මගින්

                             එන්නත්කරණය මගින්

                             යාන්ත්‍රීකරණ උපකරණ මගින්

                   


සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද වඩාත් ප්‍රචලිත ගබ්සා ක්‍රමය වශයෙන් භාවිතා වන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ ක්‍රමයයි. (Menstrual Regulation) ඔසප් චක්‍ර ක්‍රමය යනු සිරින්ජරයක් මගින් ගර්භාෂයට කිසියම් රසායනික දියරයක් ඇතුලු කොට ඉතා කුඩා කලලය විනාශ කිරීමයි. ඉන්පසු එම විනාශ වු කලලයේ කොටස් දූවිලි ඇද ගන්නා වැනි උපකරණයක්(Vacuum)මාර්ගයෙන් ඉවත් කරනු ලැබේ. ගබ්සාවක් සිදුකරන තවත් ප්‍රකටක්‍රමයක් වන්නේ ශල්‍යකර්මයක් මාර්ගයෙන් කලලයඉවත් කිරීමයි.(D&E) ඊට අමතරව R.U.486 නම් වු ගිලින පෙති මගින්ද සංවර්ධිත රටවල ගබ්සාව සිදුකෙරේ.උක්ත ක්‍රමවලට අමතරව ගබ්සාව කිරීම සඳහා භාවිතා කරන අනියම් ඖෂධ වර්ග බොහොමයක්ද හදුනාගත හැකිය. ඇලපති , හෝමියෝපති, යුනානි, ආයුර්වේද, ආදි වෛද්‍ය ක්‍රමවල දක්නට ලැබෙන ‍‍ඖෂධ වර්ග කීපයකි. මේවා බොහෝ දුරට සංවර්ධනය වෙමින් පවතින රටවල ගබ්සාව සදහා යොදාගනු දක්නට ලැබෙයි. මේනිසා ගබ්සාවට ලක් වන කාන්තාවන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවිය හැකි අතර එමගින් ජීවිතය පවා අවදානම් තත්වයකට පත්විය හැක.ගබ්සාව සඳහා මෙම ක්‍රමවලට අමතරව සාම්ප්‍රදායික හා නොදියුණු ක්‍රම ලෙස සැළකෙන එඬරැ නැටි භාවිතා කිරීම, අමු අන්නාසි ආහාරයට ගැනීම,විශේෂ සම්බාහන ක්‍රම වැනි ක්‍රම තවමත් ඇතැම් ග්‍රාමීය මෙන්ම නාගරික කාන්තාවන් අතරද කලාතුරකින් භාවිතා වන බව වාර්තා වේ.






                                        

Monday, January 10, 2022

 ලංකාවාසීන්ගේ මුදුන් මල්කඩ.....

ශ්‍රී දළදා මාලිගාව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ලෝක පූජිත වූ ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයකී. නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන් ගේ හා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත‍්‍රවන්නා වූ මේ සිද්ධස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ශ‍්‍රී දළදා මාලිගාව වාස්තු විද්‍යාත්මක ලක්ෂණඋඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් මෙන්ම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන් ද අනූනය. මහනුවර ශ‍්‍රී දළදා මාලිගය මහනුවර නගරයට නැගෙනහිරින් උඩවත්ත කැළය අසල රජ මාලිගාව ආසන්නයේ ඉදිකර ඇත. උතුරු දෙසින් රජ මාලිගය පිහිටා ඇත. දකුණු දෙසින් කිරි මුහුද හෙවත් මහනුවර වැවය. බස්නාහිරින් නාථ හා පත්තිනි දේවාල පිහිටා ඇත්තේය. ජීවමාන නිර්මාණයක් බඳු වූ ශ්‍රී දළදා මන්දිරයරන්, රිදී, ඇත්දල,පිත්තල ආදි කැටයම් යොදා සෝභාමානවත් කොට ඇත. ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප‍්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක‍්‍රි.ව. 1592-1604 අතර කාළය රජ කළ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදි කළ දළදා මාලිගාව පෘතුගීසි ආක‍්‍රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වේ. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක‍්‍රි.ව. 1635-1687) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කර ඇත.

එය ද ලන්දේසිහු දවා අළු කර විනාශ කළ බවත්, අනතුරුව ක‍්‍රි.ව. 1687 දී රජ වූ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහාර්ඝ තෙමහල් දළදා මන්දිරයක් ගොඩනංවා දළදා වහන්සේ එහි තැන්පත් කොට නානා විධ පුද සත්කාර සිදු කළ බව දළදා ඉතිහාසයේ දැක්වේ. එම දළදා මැඳුර කල්යත්ම දිරාපත්ව විනාශ වූයෙන් ඔහුගේ පුත් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක‍්‍රි. ව. 1707-1739)වර්ථමානයේ දක්නට ලැබෙන දෙමහල් දළදා මාලිගාව ඉදි කර ඇත. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.


දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය.........

මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය.ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය.අලුත් නුවර,මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංඛඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

දළදා මාලාගවේ සතර මංගල්‍යයන්........

සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.

1. අලුත් සහල් මංගල්ලය

2. අලුත් අවුරුදු මංගල්ලය

3. ඇසල මංගල්ලය

4. කාර්තික මංගල්ලය

දළඳා මාළිගාවේ ඇත් පන්තිය......

         සිංහ රාජා,ඒකදන්තයා,ඉන්දි රාජා,සුමන,විජය රාජා,ජය රාජා,කදිරා,නාලක,මියන් රාජා,බුරුම රාජා,මිගාර,කාවේරි,නවම් රාජා,කණ්ඩුල

මහා දේවාල.......

            දළඳා මාළිගාවට තවත් ප්‍රධාන අංගයක් ලෙස දතර මහා දේවාල හැදින්විය හැක. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා දළඳා මළුව අවට ඉඳිකෝට ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.

සෙංකඩගල පෙරහැර මංගල්‍යය......

නගරයේ වාර්ෂිකව පවත්වන්නාවූ සම්ප්‍රදායික මහෝත්සවයකි, සෙංකඩගල පෙරහැර මංගල්‍යයය. මෙම මංගල්‍ය්‍ දළදා මාලිගාව සහ හතර මහා දේවාල මගින් සංවිධානය කෙරේ. ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංගල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ පෙරහැර මංගල්‍යයයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංඛේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස සරහූ හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනි බෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්‍රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයයෙනි.



Wednesday, November 24, 2021

 

...ආදරයේ සංකේතය ටජ්මහල්...

ටජ්මහල් ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබැක් ලෙස තැනවු කිරිගරුඬ මන්දිරයකි. මෙය තම දේවිය "මුම්ටාස් මහල්" සිහිවීම පිණිස "ෂා ජෙහාන්" නම් මෝගල් අධිරාජ්‍යා විසින් ඉදිකරන ලදී. මෙය ඉන්දියාවේ ඉස්ලාමීය ගෘහ නිර්මාණ කලාවේ ආභරණය ලෙස හදුන්වන අතර ලෝක උරුම ශ්‍රේෂ්ඨ කලා කෘතියක් ලෙස සලකණු ලබයි. පර්සියන්, තුර්කි හා ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ සංකලනයක් වු මෙය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ කැඩපතක් ලෙසටද හැඳින්විය හැක.1983 දී ටජ්මහල යුනෙස්කෝ ලෝක උරුමයක් විය. කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය වුවත් ටජ්මහල් යනු ගොඩනැඟිලි සංකිර්ණයකි. මෙහි ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් දහස් ගනණකගේ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් විය. ටජ්මහල ඉදිකිරීමේදි අධිරජ්‍යාගේ මඟ පෙන්වීම මත ගෘහ නිර්මාණ ශිල්පින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇත. ඒ අතරින් "අබ්-උල්-කරීම්", "මාමුර්-ඛාන්", "මක්‍රමත්-ඛාන්" හා ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී "උස්ටාඩ්-අහමඩ්-ලහාවුරි" විශේෂ වේ.

ගෘහ නිර්මාණ ශිල්පය

ප්‍රධන පිවිසුම  සෑදී ඇත්තේ දාරවල ටිමෝස් දෙකක් සහිත ඉහළ තට්ටු බිත්තියක ස්වරූපයෙන්ය. එය පසු කර ගිය පසු, සොහොන් ගෙයෙහි අභ්යන්තර මළුව වෙතට පිවිසිය හැකිය.

මුවොලොයම් පල්ලිය - වේදිකාවේ කෙළවරට මිනිත්තු හතරක් මයිටාට් නගිනවා. විනාශකාරී සොහොන් බිමට ඉහළ කුළුණු වැටීමට ඉඩ නොදෙන එවැනි නිර්මාණාත්මක ලක්ෂ්යයක් මගින් ඉඩ නොදෙනු ඇත.සොහොන් ගෙයි පැතිවලින් අනන්ය ගොඩනැඟිලි දෙකක්. ගෙවල් නිවාස සමතුලිතව වම් සහ දකුණට ඉදි කර ඇත.

කිරිගරුඬ බුබ්බුලාකාරය මෙම මන්දිරයේ විශේෂම අංගය වේ. එය මීටර් 35 (අඩි155) පමණ උස වේ. මෙය සිලින්ඩරාකාර හැඩැති මීටර් 7(අඩි 23) පමණ උස සිංගාරමක් මත පිහිටයි. මෙහි හැඩය නිසාම ලූනු ගෙඩියෙ හැඩය ගත් බුබ්බුලාකාරය (Onion Dome) ලෙස හදුන්වයි. එහි මුදුන නෙලුම්මල් මෝස්තරයෙන් නිම කර ඇත. මෙම බුබ්බුලාකාරයෙහි හැඩය ඉස්මතුවීම සඳහා තවත් කුඩා බුබ්බුලාකාර සතරක් කොන් සතරෙහි නිමකර ඇත. එහි වහලය ස්ථම්භ වලින් උසවගෙන සිටින අතර එමඟින් ආලෝකය ගොඩනැඟිල්ල තුලට ගමන් කර‍යි. ප්‍රධාන බිත්ති අග උල් වූ තුඩු වලින් අලංකාර කර ඇති අතර එමඟින් ගොඩනැඟිල්ලට උස් බවක් එක්වී ඇත. බුබ්බුලාකාරය මත සාම්ප්‍රදායික හින්ඳු හා පර්සියන් මෝස්තරයෙන් හැඩවු කොත් කැරැල්ලක් පිහිටයි.

පිහිනුම් තටාක සමග උද්‍යානය

සමස්ත සංකීර්ණයේ ගෘහ නිර්මාණ ශිල්පය ඉන්දියානු, පර්සියානු සහ අරාබි ගෘහ නිර්මාණ ශිල්පයේ අංගයන්ගේ අද්විතීය එකතුවකි. සොහොන් ගෙය දිල්ලි නගරයේ පිහිටා ඇති බාබුරිඩ් රාජවංශයේ හුමායුන් අධිරාජ්‍යයාගේ සොහොනට සමානය.ටජ්මහල මහල් විසි ගණනක ගොඩනැගිල්ලකට සමාන උසකින් යුක්ත වන නමුත් එහි අසාමාන්‍ය සමානුපාතිකයන් එය සැහැල්ලු හා බරින් අඩු කරයි. ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පියා ගොඩනැගිල්ලේ මුහුණතෙහි උස හා පළල සමාන කළ අතර අර්ධ වෘත්තාකාර ස්ථාන රාශියක් කළේය. මධ්යම ගෝලාකාරයේ උස මීටර් 25 ක් වන අතර එහි විෂ්කම්භය මීටර් 17 කි. ගොඩනැගිලි ද්‍රව්‍ය එතරම් උසකට ගෙන ඒම සඳහා කිලෝමීටර් 3,5 ක් දිග බෑවුම් සහිත මැටි බැම්මක් ඉදිකරන ලදි. උතුරු පැත්තෙන් එය අවසන් වන්නේ ගඟ අසල කුඩා කඳු බෑවුමකිනි.





සොහොන් ගැබ

ටජ්මහල් ගොඩනැඟිලි සංකිර්ණ්යේ ප්‍රධාන අංගය සොහොන් ගැබයි. සුදු පැහැති විශාල චතුරස්‍රාකාර පාදමක් මත ඉදිකර ඇති මෙය බොහෝ මෝගල් ගොඩනැඟිලි මෙන්ම "ඉවාන්"(ආරුක්කු හැඩැති දොරකඩක්), විශාල බුබ්බුලාකාර කොතක් හා කොත් කැරැල්ලකින් යුක්තය.මෙහි පාදම් සැකිල්ල ඉතා විශාල වූත් කුටීර සහිත අසමමිතික අෂ්ටාස්‍ර හැඩ ගනී. මෙහි එක පැත්තක් මීටර් 55(අඩි 180) පමණ වේ. මෙම සෑම පෙදෙසකින්ම විශාල ආරුක්කු මඟවල් තනා ඇති අතර ආරුක්කු හැඩැති සඳළුතල නිමවා ඇත්තෙ ගොඩනැඟිල්ලෙ සෑම පැත්තක්ම සමමිතික වන පරිදිය. ප්‍රාසාදශෘංග සතරක් ගොඩනැගිල්ලේ පාදමේ කොන් සතරෙහි පිහිටයි. ප්‍රධාන කුටීරයේ "ෂා-ජෙහාන්" රජුගේ හා "මුම්ටාස්" දේවියගේ ව්‍යාජ සොහොන් කොත් පිහිටයි. සත්‍ය සොහොන් ගැබ් පිහිටා ඇත්තේ ඊට පහලින්ය.



ඇතුලත අලංකරණය

ටජ්මහලේ ඇතුලත අලංකරණය සාම්ප්‍රධායික නිර්මාණ වලින් ඔබ්බට ගොස් ඇත. මෙහි ඔබ්බවන ලද ගල් කැටයම් "පෙයිට්‍රා ඩුරා" ආකාර නොගනී. ඇතුලත කුටීරය සෑම පැත්තකින්ම ඇතුලුවිය හැකි අෂ්ටාස්‍ර හැඩ ගනී. නමුත් දකුණු දිශාවේ දොර පමණක් භාවිතා වේ. ඇතුලත බිත්ති මිටර් 25(අඩි 82) පමණ උස වන අතර ඒවා ව්‍යාජ බුබ්බුලාකාරයකින් අවසන් කර ඇත. ආරුක්කු 8 කින් පහත මාලය සමන්විත වන අතර මේවා පිටත සමඟ සම්බන්ධ වී වැඩි ඉඩකඩක් ලබා දී ඇත. සෑම පහත ඇති ආරුක්කු හැඩති විවරයක්ම බිත්තියේ මධ්‍යයේ දී තවත් එවැනිම ආරුක්කු හැඩති විවරයක් හා සම්බන්ධ වේ. ඉහල මධ්‍යයේ ඇති ආරුක්කු විවරයන්ගේ සඳළුතල මතින් වටපිටාව මැනවින් දිස් වන අතර එහි පිටත ඇති ජනේල විවරය සංකීර්ණ කැටයම් මෝස්තර සහිත "ජාලි" වලින් නිර්මිතය. බොහෝ විට මෙය ආලෝකය ලබාගැනීම සඳහාද භාවිතා වේ. සෑම කුටීර බිත්තියක්ම ඉතා විචිත්‍ර හා සියුම් පේකඩ, මැණික් නිර්මාණයන් ගෙන්ද කාව්‍යලේඛන නිර්මාණයන් ගෙන්ද සමන්විතය.

ස්මාරකය වටා අෂ්ඨාස්‍ර හැඩැති කිරිගරුඬ පුවරුව "ජාලි" විචිත්‍ර කැටයමෙන් යුතු අතර ගරුඬ පාෂාණ පුවරු අටකින් සමන්විතය. එහි කැටයම් කර ඉතිරිවී ඇති කොටස් විවිද පාෂාණ ඔබ්බවා විචිත්‍ර කර ඇත.ඉස්ලාම් සම්ප්‍රදයට අනුව සොහොන් විචිත්‍ර චිත්‍ර හා කැටයමින් අලංකාර කිරීම සිදු නොකල යුත්තකි. එහෙයින් "මුම්ටාස්" දේවියගේ හා "ෂා-ජෙහාන්" රජුගෙ සිරුරු තැන්පත් කර ඇත්තෙ ඔවුන්ගේ මුහුණු "මක්කම" දිශාවට හරවා චාම් ලෙස නිර්මාණය කර ඇති ඇතුලත කුටිරයකය. "මුම්ටාස්" දේවියගේ ස්මාරකය ඇතුල් කුටීරයේ මධ්‍යයේ මීටර් 1.5(අඩි 4 අඟල් 11) දිග හා මීටර් 2,5(අඩි 8 අඟල් 2) කින් පළල වේදිකාවක් මත පිහිටයි.

 


                                      




උරුමය කියාපාන හන්බොක්....

   හන්බොක්?  කොරියානු  සාම්ප්‍රදායික සංස්කෘතිය හා අනුබද්ධ වචනයක්.ඉතින් ඔබ කොරියානු නාට්‍ය හා කොරියානු චිත්‍රපට වලට වඩාත් රුචි අයෙක් නම් මෙම ...