Monday, January 10, 2022

 ලංකාවාසීන්ගේ මුදුන් මල්කඩ.....

ශ්‍රී දළදා මාලිගාව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ලෝක පූජිත වූ ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයකී. නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන් ගේ හා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත‍්‍රවන්නා වූ මේ සිද්ධස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ශ‍්‍රී දළදා මාලිගාව වාස්තු විද්‍යාත්මක ලක්ෂණඋඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් මෙන්ම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන් ද අනූනය. මහනුවර ශ‍්‍රී දළදා මාලිගය මහනුවර නගරයට නැගෙනහිරින් උඩවත්ත කැළය අසල රජ මාලිගාව ආසන්නයේ ඉදිකර ඇත. උතුරු දෙසින් රජ මාලිගය පිහිටා ඇත. දකුණු දෙසින් කිරි මුහුද හෙවත් මහනුවර වැවය. බස්නාහිරින් නාථ හා පත්තිනි දේවාල පිහිටා ඇත්තේය. ජීවමාන නිර්මාණයක් බඳු වූ ශ්‍රී දළදා මන්දිරයරන්, රිදී, ඇත්දල,පිත්තල ආදි කැටයම් යොදා සෝභාමානවත් කොට ඇත. ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප‍්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක‍්‍රි.ව. 1592-1604 අතර කාළය රජ කළ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදි කළ දළදා මාලිගාව පෘතුගීසි ආක‍්‍රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වේ. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක‍්‍රි.ව. 1635-1687) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කර ඇත.

එය ද ලන්දේසිහු දවා අළු කර විනාශ කළ බවත්, අනතුරුව ක‍්‍රි.ව. 1687 දී රජ වූ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහාර්ඝ තෙමහල් දළදා මන්දිරයක් ගොඩනංවා දළදා වහන්සේ එහි තැන්පත් කොට නානා විධ පුද සත්කාර සිදු කළ බව දළදා ඉතිහාසයේ දැක්වේ. එම දළදා මැඳුර කල්යත්ම දිරාපත්ව විනාශ වූයෙන් ඔහුගේ පුත් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක‍්‍රි. ව. 1707-1739)වර්ථමානයේ දක්නට ලැබෙන දෙමහල් දළදා මාලිගාව ඉදි කර ඇත. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.


දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය.........

මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය.ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය.අලුත් නුවර,මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංඛඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

දළදා මාලාගවේ සතර මංගල්‍යයන්........

සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.

1. අලුත් සහල් මංගල්ලය

2. අලුත් අවුරුදු මංගල්ලය

3. ඇසල මංගල්ලය

4. කාර්තික මංගල්ලය

දළඳා මාළිගාවේ ඇත් පන්තිය......

         සිංහ රාජා,ඒකදන්තයා,ඉන්දි රාජා,සුමන,විජය රාජා,ජය රාජා,කදිරා,නාලක,මියන් රාජා,බුරුම රාජා,මිගාර,කාවේරි,නවම් රාජා,කණ්ඩුල

මහා දේවාල.......

            දළඳා මාළිගාවට තවත් ප්‍රධාන අංගයක් ලෙස දතර මහා දේවාල හැදින්විය හැක. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා දළඳා මළුව අවට ඉඳිකෝට ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.

සෙංකඩගල පෙරහැර මංගල්‍යය......

නගරයේ වාර්ෂිකව පවත්වන්නාවූ සම්ප්‍රදායික මහෝත්සවයකි, සෙංකඩගල පෙරහැර මංගල්‍යයය. මෙම මංගල්‍ය්‍ දළදා මාලිගාව සහ හතර මහා දේවාල මගින් සංවිධානය කෙරේ. ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංගල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ පෙරහැර මංගල්‍යයයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංඛේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස සරහූ හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනි බෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්‍රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයයෙනි.



උරුමය කියාපාන හන්බොක්....

   හන්බොක්?  කොරියානු  සාම්ප්‍රදායික සංස්කෘතිය හා අනුබද්ධ වචනයක්.ඉතින් ඔබ කොරියානු නාට්‍ය හා කොරියානු චිත්‍රපට වලට වඩාත් රුචි අයෙක් නම් මෙම ...