1883 දී ඇති කර ගත් මෙම ගබ්සා-විරෝධී නීතිය නිසා, අවුරුදු පතා ලක්ෂ ගණනක් ගැහැනුන්ව අපරාධකරුවන් බවට පත් කෙරෙනවා පමණක් නොව, වෛද්‍ය වෘත්තිය තුළ ගබ්සාව තහනම් කොට ඇති තත්වය තුළ, හොර වෙදුන්ගේ සරණ සෙවීමට ගැහැනුන්ව තල්ලු කරනු ලැබේ. එසේ හොර රහසේ සිදු කෙරෙන ගබ්සාවන් බොහෝ විට අසාර්ථක වන අතර, දරුවා නැති කර ගැනීමට අමතරව බොහෝ විට මවටත් රෝහල්ගත වීමට සිදු වෙයි.
2009 දී කරන ලද සමීක්ෂණ වාර්තාවක, කොළඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා සහ විෂ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය එන්. එල්. අබේසිංහ කියන පරිදි, දරුවන් 1000 ක් දෙනා රටේ උපදින විට, තවත් දරුවන් 740 ක් ගබ්සා කරනු ලැබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2011 ‘වාර්ෂික සෞඛ්‍ය විවරණිකාවට’ අනුව, වසරකට රජයේ රෝහල්වලට ඇතුළත් කෙරෙන ගැහැනුන්ගෙන් සියයට 7-16 අතර ප‍්‍රමාණයක්, අසාර්ථක ගබ්සාවන් නිසා රෝහල්ගත වන්නන් ය.
ගබ්සාව පිළිබඳ සංකල්පයම නීති විරෝධී වන නිසා, මේ විෂය සම්බන්ධයෙන් ගැබිණි මව්වරුන් සඳහා උපදේශන සේවා පැවැත්වීමට සෞඛ්‍ය සේවකයන්ට පුළුවන් කමක් නැත. මන්ද යත්, එය පවා අපරාධයකට සහාය වීමක් හෝ උදව් කිරීමක් විය හැකි බැවිනි. ඒ හේතුව නිසාම, මේ විෂයය පාසල්වල ලිංගික අධ්‍යාපනික පාඨමාලාවන්ට ඇතුළත් කිරීමේ හැකියාවක් ද නැත. කොටින් කිවහොත්, මේ සමස්ත විෂයයම තහනම් කලාපයක් සේ සැළකීමට සිදුව තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් දස ලක්ෂ ගණනකට එය මහා හෙනයක් වී තිබේ.
මේ තත්වය තුළ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විවිධ කාන්තා සංවිධාන සේම ලෝක සෞඛ්‍ය සංවිධානයත්, මේ ආචීර්ණ කල්පික නීතිය සංශෝධනය කළ යුතු බවට දැන් කලක සිට හඬ නගයි. ගබ්සාව අපරාධයක් සේ නීතිය තුළ සැළකුණත්, සෑම දිනකම කාන්තාවන් 1000 ක් පමණ දෙනා එම අපරාධයේ යෙදෙන බව ඔවුහූ දනිති. ඔවුන්ගේ අරමුණ වන්නේ, ගබ්සා ක‍්‍රියාවලිය තුළ ආරක්ෂාව සහතික කිරීමත්, විධිමත් පවුල් පාලන උපදේශන සේවාවන් හරහා ගබ්සා අනුපාතිකය අවම කිරීමත් ය.
ගබ්සාව පිළිබඳව දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් නීතිය සංශෝධනය කිරීමේ ප‍්‍රයත්නයන් පිළිබඳ අපේ ඉතිහාසය අවුල් සහගත ය. බොහෝ දේශපාලඥයෝ, සදාචාරවාදීහූ සහ ආගමික නායකයෝ ඒ නීතිය වෙනස් කිරීමට සපුරා විරුද්ධ වෙති. සෑම ජීවිතයකම අගයක් දකින ශ‍්‍රී ලංකාවේ බෞද්ධ උරුමය තුළ, හිතුමතේ ගබ්සා කිරීමේ නිදහස දීමට ඔවුන්ගේ කැමැත්තක් නැත. කෙසේ වෙතත්, මේ නීතිය සංශෝධනය විය යුතු බවට තර්ක කරන පිරිස්, නොමේරූ අවදියේ කරන ගබ්සා කිරීම් නීත්‍යානුකූල කිරීමෙන්, අඩු වශයෙන් විශේෂ අවස්ථාවලදීවත්, අදාළ කාන්තාවන්ට ලිංගික අධ්‍යාපනික පාඨමාලා හරහා අවබෝ්ධයක් ලබා දෙමින් ගබ්සා කිරීමේ අනුපාතිකය පහළ දැමීමට හැකි වන බව පෙන්වා දෙති.
වර්තමානය තුළ බොහෝ වැරදි සහගත ලිංගික චර්‍යාවන් නිසාවෙන් බොහෝමයක් ගබ්සාවන්ට යොමු වන ආකාරය හදුනා ගැනීමට පිළිවනි.එහිදී බොහොමයක් තරුණ තරුණියන් මේ සදහා යොමුවන අතර විවිධ වූ ක්‍රියාවලි ඔස්සේ ගබ්සාවන් සිදු කරන ආකාරය හදුනා ගැනීමට පිළිවනි.
විවිධ පෙති වර්ග භාවිතය මගින්
එන්නත්කරණය මගින්
යාන්ත්‍රීකරණ උපකරණ මගින්
සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද වඩාත් ප්‍රචලිත ගබ්සා ක්‍රමය වශයෙන් භාවිතා වන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ ක්‍රමයයි. (Menstrual Regulation) ඔසප් චක්‍ර ක්‍රමය යනු සිරින්ජරයක් මගින් ගර්භාෂයට කිසියම් රසායනික දියරයක් ඇතුලු කොට ඉතා කුඩා කලලය විනාශ කිරීමයි. ඉන්පසු එම විනාශ වු කලලයේ කොටස් දූවිලි ඇද ගන්නා වැනි උපකරණයක්(Vacuum)මාර්ගයෙන් ඉවත් කරනු ලැබේ. ගබ්සාවක් සිදුකරන තවත් ප්‍රකටක්‍රමයක් වන්නේ ශල්‍යකර්මයක් මාර්ගයෙන් කලලයඉවත් කිරීමයි.(D&E) ඊට අමතරව R.U.486 නම් වු ගිලින පෙති මගින්ද සංවර්ධිත රටවල ගබ්සාව සිදුකෙරේ.උක්ත ක්‍රමවලට අමතරව ගබ්සාව කිරීම සඳහා භාවිතා කරන අනියම් ඖෂධ වර්ග බොහොමයක්ද හදුනාගත හැකිය. ඇලපති , හෝමියෝපති, යුනානි, ආයුර්වේද, ආදි වෛද්‍ය ක්‍රමවල දක්නට ලැබෙන ඖෂධ වර්ග කීපයකි. මේවා බොහෝ දුරට සංවර්ධනය වෙමින් පවතින රටවල ගබ්සාව සදහා යොදාගනු දක්නට ලැබෙයි. මේනිසා ගබ්සාවට ලක් වන කාන්තාවන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවිය හැකි අතර එමගින් ජීවිතය පවා අවදානම් තත්වයකට පත්විය හැක.ගබ්සාව සඳහා මෙම ක්‍රමවලට අමතරව සාම්ප්‍රදායික හා නොදියුණු ක්‍රම ලෙස සැළකෙන එඬරැ නැටි භාවිතා කිරීම, අමු අන්නාසි ආහාරයට ගැනීම,විශේෂ සම්බාහන ක්‍රම වැනි ක්‍රම තවමත් ඇතැම් ග්‍රාමීය මෙන්ම නාගරික කාන්තාවන් අතරද කලාතුරකින් භාවිතා වන බව වාර්තා වේ.



No comments:
Post a Comment