රස වෑහෙන කෝපි
ඔබ
දන්නවාද..?
ලෝකයේ ප්‍රථම කෝපි කෝප්පයෙ ඉතිහාසය ක්‍රි.ව 800 දක්වා ඈත
අතීතයට දිව යන්නකි. ප්‍රබන්ධයන්ට අනුව එඩේරෙකු විසින් තම එලුවන් කෝපි ඇට ආහාරයට
ගැනීමෙන් පසු ඉතාමත් උද්‍යෝගයෙන් ක්‍රියා කරන ආකාරය නිරීක්ශනය කලේය. පසුව, එහි වාසය කල
පැවිද්දෙකු විසින් භාවනා කිරීම සඳහා රාත්‍රිය මුලුල්ලෙ අවදිව සිටීම සඳහා කෝපි ඇට
යෝදා සකස් කරගත් පානය භාවිතා කල බව කියැවේ.කෝපි ඇට ධන්‍ය වර්ගයක් නොවේ. කෝපි ඇට
ලෙස හැඳින්වුවුද, එය චෙරි වැනි
මලින් පිරුනු ගොමුවක පලතුරකි. ලෝකයේ වැඩිම කෝපි වලට ආදරය කරන්නන්,
අතරින් තුන්වෙනි ස්ථානයට කෝපි නිශ්පාදනය කරන්නෙ බ්‍රසීලයයි.
වියට්නාමය දෙවෙනි වන්නෙ ෆින්ලන්තයටය. ෆින්ලන්තය ලෝකයෙ වැඩිම කෝපි වලට ආදරය කරන්නන්
වාසය කරන රට ලෙස සැලකෙ.
ප්‍රධාන ලෙස කෝපි, වර්ග 2කි. ඇරැබිකා (Arabica) සහ රෝබස්ටා (Robusta) ඇරැබිකා
එයිනුත් ප්‍රධාන වන අතර රෝබස්ටා එයට වඩා
සාන්ද්‍ර කරන ලද හා මදක් වැඩි තිත්ත රසකින් යුක්තය.එක්ස්ප්‍රෙසෝ යනු සාන්ද්‍ර
කෝපිය. එක්ස්ප්‍රසෝ යනු ඉතාලි බසින් ආ වචනයකි. කෝපි ඇට උතුරන වතුරත් සමඟ
තෙරපමින් කෝපි පානය සාදා ගැනීම එක්ස්ප්‍රෙසෝ ලෙස හැඳින්වේ. බොහෝ දෙනා ගොඩක් වෙලාවට
උදේ සාමාන්‍යෙන් ගන්න කිරි එක වෙනුවට කෝපි කෝප්පයක් බොන්න පුරුදු වෙලා තියෙනවා.
මොකද කිවුවොත් කෝපි කෝප්පයක් බීලා පටන් ගන්න දවස හරිම ප්‍රබෝධමත්. ඒ විතරක් නෙමෙයි
කෝපි වල ඔබ නොදත් සංඝටක රැසක් අඩංගු වෙලා තියෙන්වා.සෝඩියම්,පොටෑසියම්,විටමින් ඒ, විටමින් ඩී, විටමින් සී, විටමින් බී-6 ,අයන්, මැග්නීසීයම්, සහ තවත් බොහෝ
සංඝටක අඩංගු බැවින් අපේ දවස කෝපි
කෝප්පයකින් ආරම්භ කිරීම වඩාත් හොදයි. අඩුම තරමේ අපි දවසට එක කෝපි කෝප්පයක්වත් පානය
කරනවා නම් අපට ප්‍රබෝධමත් මෙන්ම යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.කෝපි පානයේදී
වඩාත්ම සුදුසු වන්නේ කෝපි පමණක් උණු වතුර සමග (black coffee) පානය කිරීමයි. කෝපි
පානයට බොහෝ දෙනා සීනි, කිරි හා ක්‍රීම් වර්ග එකතු කර පානය කිරීමට
පුරුදු වී සිටියත්,
එමගින් කෝපි වල ඇති ගුණාත්මකභාවය අඩු වෙන්නට
පුලුවන්.ඔබ කැලරි හා මේද කාබෝහයිඩ්‍රේට් අඩු පානයක් සොයන්නේ නම් ඔබට වඩාත් උචිතම
පානයක් වන්නේ කෝපි.සරලවම කිවහොත් කෝපි කියන්නේ කැලරි ප්‍රමාණය ඉතා අඩු බැවින් එය
ඔබේ සෞඛ්‍යයට හානියක් නොවෙන කදිම පානයක්
කිවුවොත් නිවැරදියි.කෝපි වල අඩංගු වන පෝෂ්‍ය
පදාර්ථ,
o මේදය
(Fat)
: 0%
o කොලෙස්ටරෝල්
( Cholesterol)
: 0 %
o සෝඩියම්
( sodium
): 0 %
o කාබෝහයිඩ්රේට්
( Carbohydrates):
0 %
o සීනී
( Sugar
) : 0 %
o පොටෑසියම්
( Potassium
) : 4 %
අපි දැන් කතා කරමු කෝපි බීම මගින් අපිට ඇති
වාසී පිළිබදව
කෝපි වල ඇති ප්‍රති ඔක්සිකාරක (anti-oxidants) නිසා ශරීරයේ
ලෙඩ රෝග වලින් ආරාක්ශා කරනවා. කෝපි යනු ප්‍රතිඔක්සිකාරක (anti-oxidants) බහුල පානයක්.
එය ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කරනවා සමගම අපේ ශරීරය ප්‍රබෝධමත් කිරීමට ඉවහල්
වෙනවා.කෝපි මගින් අපේ ශරීරයේ අධික බරද අඩු වෙනවා. බර අඩු කිරීමට උත්සහ කරන ඔබට
කෝපි කියන්නේ ඉතාමත් යෝග්‍යවත් පානයක් වෙන්නට පුලුවන්.
Ø
රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි
කෝපි වල අඩංගු ක්ලොරොජනික් (Chlorogenic) අම්ලය නිසා
ඔබේ ශරීරයේ ග්ලූකෝස් නිශ්පාදනය මන්දගාමී කිරීමට උපකාරී වෙනවා. ඉතින් ඔබ ආහාර
ගැනීමෙන් පසු කෝපි කෝප්පය්ක් පානය කිරීමෙන් අඩු ග්ලූකෝස් ප්‍රමාණයක් නිපදවීමේ
හැකියාව කෝපි වලට තිබෙනවා.
Ø
ව්යායාම් කිරීමේදී හිතකර උත්තේජකයක් ලෙස
ව්‍යායාම කිරීමට මිනිත්තු කිහිපයකට පෙර කෝපි
කෝප්පයක් බොහෝ අය පානය කරනවා. මෙයට මූලික හේතුව වන්නේ කැෆේන් (caffeine) කියන සංගටකය
මගින් ඔබගේ ක්‍රියාශීලීත්වය වැඩි කිරීමට ඉවහල් වන නිසා.
Ø පිළිකා සෑදීමට ඇති හැකියාව අඩු කරයි
දිනකට කිහිප වරක් කෝපි පානය කිරීම මගින් පිරිමි පුද්ගයින්ගේ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකා ඇති වීම 20%කින් පහළ දමන අතර කාන්තාවන්ගේ ගර්බාශයේ පිළිකා ඇති වීම.25 % කින් පහත දමනවා.කෝපි වල ඇති විශේෂ සංඝටක මගින් අක්මා පිළිකා , ගුද මාර්ග සහ පියයුරු පිළිකාද ඇති වීමේ ඉඩකඩ විශාල වශයෙන් පහත හෙලනවා. මේ නිසා නිතරම කෝපි බීම ඉතාමත් ගුණදායකයි.
Ø
හෘද ආශ්රිත රෝග වලින් ඈත් කර තියයි
මෑත කලයේදී කරන ලද පර්යේෂණ වලින් හෙලි වී
ඇත්තේ එදිනෙදා කෝපි පානය කිරීමෙන් හෘද රෝග ඇති වීමේ අවදානම අවම කර ගත හැකි බවයි.
මෙයින් අදහස් කරන්නේ කාලයක් සමගම කෝපි බීම මගින් ඔබගේ හදවතේ ඇති රුධිර නාල සවිමත්
වන බවයි.
Ø
දියවැඩියාව පාලනය කරයි
කෝපි වල ඇති විශේෂ සංඝටක මගින් ඉන්සියුලීන්
නිෂ්පාදනය පාලනය කරන අතර දියවැඩියාව සෑදීමට අවශ්‍ය කරන සාදක අවම කරයි. දෙවනි
අවදියේ දියවැඩියා තත්වය පාලනය කිරීමට කෝපි වලට විශේශ හැකියාවක් තිබෙනවා.
Ø
කෝපි මගින් අක්මාව ආශ්රිත රෝගද සුව කරයි
ඔනෑම කෙනෙක්ට නීරෝගීව සිටීමට අක්මාව ඉමහත්
සේවයක් ඉටු කරනවා.ඉතින් එය පරිස්සම් කර ගැනීමට කෝපි ඉතාමත් හොද සහයෝගයක් ලබා
දෙනවා.අක්මා පිළිකා , මද් සිරෝසිස්
වගේ දේවල් වලට එරෙහිව සටන් කිරීමට කෝපි වලට හැකියාවක් තිබෙනවා. සෑම දිනකම කෝපි
පානය කරන පුද්ගලයින්ට අක්මාව ආශ්‍රිත රෝග වැලදීමේ හැකියාව අවම වන බව පර්යේෂණ මගින්
හෙලි වෙලා තිබෙනවා.මොකද අක්මාවේ එන්සයිම මට්ටම පාලනය කිරීමට කෝපි වලට හැකියාවක්
තිබෙනවා . මේ නිසා දිනපතා කෝපි පානය කිරීම හොද බවයි බොහෝ පරීයේෂකයන්ගේ මතය.
Ø
ඔබේ රුධිරය පිරිසිදු කිරීමටද කෝපි වලට හැකියාවක් තිබෙනවා
කෝපි යනු ඩයුරටින් (diuretic) පානයකි. ඒ
නිසා ඔබ වැඩියෙන් කෝපි පානය කරනවා කියන්නේ
මූත්‍රා වැඩි වශයෙන් මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. එමගින් ශරීරයේ ඇති විෂ සහ
බැක්ටීරියා පිටවන විට ඔබේ සිරුර පිරිසිදු වෙනවා වගේම නිරෝගී වෙනවා.
.අපි ඉහත සදහන් කලේ කෝපි වලින් අපට ලැබෙන
වාසි ගැන. දැන් අපි බලමු කෝපි වල තිබෙන අවාසි මොනවාද කියලා
කෝපි පමණ ඉක්මවා පානය කිරීමෙන් අදික ප්‍රමාණයක්
හෝමෝන නිකුත් කරන බැවින් එය ඔබේ ආතතියට බල පෑමට ඉඩ සැලස්වීමේ හැකියාවක් තිබෙනවා.අදික
ලෙස කෝපි පානය කිරීම ඔබේ සුව දායක නින්දට බාදාවක් වෙන්න පුලුවන්. මේ නිසා ඔබට සුව
දායක නින්දක් ලබා ගැනීමට නම් සවස් කාලයේ කෝපි පානය නොකර සිටිනවා නම් වඩාත් හොදයි.කෝපි
පමණට වඩා පානය කිරීම මගින් එහි අන්තර් ගත කැෆේන් සහ අම්ලය මගින් ආමාංශයේ
ආම්ලිකතාවය ඇති වන අතර ඔබට උදර කැක්කුම්ද ඇති වීමට පුලුවන්.ඔබේ ශරීරයේ අදික කෝපි
ප්‍රමාණයක් තිබීම මගින් ශරීරයට අවශ්‍ය යකඩ, කැල්සියම්, සින්ක්, වැනි ඛනිජ ලවණ
අවශෝෂණය කිරීම දුශ්කර කරයි.
ඔබ දිනකට කොපමණ ප්‍රමාණයක්
කෝපි පානය කල යුතුද..?
කෝපි වල සංඝකයක් වන කැෆේන් යනු ලෝකයේ බහුලව
කතා බහට ලක් වූ උත්තේජකයක්.ගෙදර හැදූ කුඩා කෝප්පයක කැෆේන් මිලි ග්‍රෑම් 50ක් පමන
අඩංගු වෙයි. මේ නිසා දිනකට කෝපි කෝප්ප 3-4ක් පානය කිරීම ගැටලුවක් නොවුනත්, කෝපි කෝප්ප
2කට පමණක් සීමා වීම වඩාත් සුදුසුයි.
Great post
ReplyDelete👍👍
ReplyDelete