ලෝකයේ වැඩි ආයුෂ හිමි සත්ත්වයින්.....
නිකමටවත්
හිතුවද මේ ලෝකේ අපි ඇරුනහම අනික් ඉන්න ජීවීන් ගැන. අපි දැකලා තියන දන්න සතුන් ඒ
වගේම අහල තියෙන සතුන් වර්ග කෙතරම් කාලයක් ජිවත් වෙනවාද කියලා ඔබ දැනන් සිටියාද? ලෝකේ වැඩිම කාලයක් රජ කරන්නේ මිනිස්සු
කියලා හිතන් හිටියට අපේ ජිවිත කාලේ ජිවත් වෙන්න තියෙන්නේ බොහොම පොඩි කාලයක් .
ලෝකයේ වැඩිම
කාලයක් ජිවත් වන සතුන් හා ඔවුන්ගේ තොරතුරු කිහිපයක් මේ,
v අශ්වයින් - ( Horses)
වර්ගය, පරිසර පද්ධතිය
හා කළණාකරණය යන කරුණු මත වර්ථමානයේ ගෘහාශ්රිතව ජිවත් වන අශ්වයින් අවුරුදු 25ත්
30ක් අතර කාලයක් ජිවත් වේ. ඒ වගේම කලාතුරකින් අවුරුදු 40 හෝ ඊට වැඩි කාලයක් ජිවත්
වූ සිද්ධීන්ද වාර්ථා වේ. 19 වන සියවසේ දී ජිවත් වුනු OLD
BILLY නම් අශ්වයා වසර 62ක් ජීවත් වූ බවට තොරතුරු වාර්ථා වේ.
v මැකෝව් - (macaws
)
මැකෝ කිව්වහම අපිට මතක් වෙන්නේ පාට පාට
ලස්සන ගිරව් විශේෂයක් ඒ වගේම පොඩිත්තන්ටනම් REIO කාටූන් එක නැත්තන් පොලී චිත්රපටය
මතක් වනවා නිසැකයි . දිග නැට්ටක් සහිත මෙම
ගිරව් විශේෂය නිවෙස් වල සුරතලයටද ඇති කරයි.මොවුන් අවුරුදු 80ත් 100ක් අතර කාලයක්
ජිවත් වන බවයි කියයි.
v ආදා - (Eels)
ආදා කියපු ගමන් අපිට මතක් වෙන්නේ ලිස්සලා යන
ගතියයි. එකනේ කියන්නේ ආදා වගේ ලිස්සලා ගියා කියලා. කොහොම උනත් මේ ආදා කියන සතාට
අවුරුදු 150ක් ජිවත් වෙන්න පුලුවන් කියලා තමයි වාර්ථාවන්නේ.
v මුහුදු
බෙල්ලන් (Arctica
Islandica /Ocean Quahog )
ඉහත සදහන් වන්නේ අපි ආහාරයට ගන්නා බෙල්ලන්
විශේෂයක්. මෙම සත්ව විශේෂයට වසර 405ක් 410ක් අතර කාලයක් ජිවත් වීමට වාසනාව ඇත.දැනට
වාර්ථා වන වැඩිම ආයු කාලය වන්නේ අවුරුදු 507ක් . අවාසනාවකට අපි ඔවුන්වත් ආහාරයක්
ලෙස ගනු ලබනවා. කෙසේ වූවත් ඉතා විශාල කාලයක ආයු කාලයක් මොවුන් සතුයි.
v යෝධ ඉබ්බන් (Galapagos Giant Tortoise)
ගැලපගොස් හී යෝධ ඉබ්බන් ගැන අප අසා තිබේ .
ගැලපගොස් දූපත් වල ජිවත් වන මෙම යෝධ ඉබ්බන් දැකබලා ගැනීමට නන්දෙසින් සංචාරකයින්
පැමිණේ. ඒ වගේම මේ ඉබ්බන් වදවීයාමේ තරජනයටද මුහුණ පා සිටින බව කිය යුතුයි. අවුරුදු
190ක ආයු කාලයක් මොවුන් සතුයි .
v කටුස්සන් - ( Tuataras )
මෙම උරග විශේෂය නවසීලන්තයටම ආවේණික
විශේෂයක්. ලොව ජිවත් වන බොහෝ කටුසු වර්ග වලට සමානකම් දක්වයි. මෙම විශ්මිත කටුසු
විශේෂය වසර 100ත් 200ත් අතර කාලයක් ජිවත් වන බවට සැලකේ.
v තල්මසුන් - (Bowhead Whales )
👍👍👍👍
ReplyDelete👍👍
ReplyDelete👍
ReplyDelete